Home » පාප් වහන්සේ ශුද්ධ වූ ද්වාරය විවෘත කරයි ( වීඩියෝව )

පාප් වහන්සේ ශුද්ධ වූ ද්වාරය විවෘත කරයි ( වීඩියෝව )

by chanaka
December 25, 2024 10:48 am 0 comment

ලොව පුරා කතෝලික බැතිමතුන්ගේ විශේෂ ජුබිලි වර්ෂය ආරම්භ කිරීම වෙනුවෙන් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ශුද්ධ වූ ද්වාරය විවෘත කරයි.

පාප් වහන්සේ නත්තල් සැන්දෑවේ වතිකානුවේ පැවති උත්සවයකදී රෝමානු කතෝලිකයන් සඳහා විශේෂ ජුබිලි වර්ෂය මෙසේ ආරම්භ කළේය.

වතිකානුවේ ශාන්ත පීතර බැසිලිකා දේවස්ථානයේ ගඩොලින් තැනූ ශුද්ධ වූ ද්වාරය මෙලෙස විවෘත කෙරුණි.

ජුබිලි වර්ෂය එළැඹෙන්නේ සෑම වසර 25කට වරක් ය.

ලොව පුරා මිලියන 30කට වැඩි වන්දනාකරුවන් පිරිසක් රෝමයට පැමිණ මෙම ද්වාරය හරහා ගොස් ඔවුන්ගේ පව් සමාකර ගනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ජුබිලිය අවසන් වන්නේ 2026 ජනවාරි 6 වන දින සමිඳාණන් වහන්සේගේ එපිෆනි මංගල්‍යය දිනයේ දී ශුද්ධ ද්වාරය දොර වැසීමෙනි.

සාමාන්‍ය ජුබිලි උත්සවයක් සඳහා අවසන් වරට ශුද්ධ වූ ද්වාරය විවෘත කරනු ලැබුවේ 2000 වසරේ දෙවන ශාන්ත ජෝන් පාවුළු පාප් වහන්සේ විසින් සිදු කරන ලද අවස්ථාවේදීය. එසේම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ 2016 වසරේ ඔහුගේ දයාවේ අතිවිශේෂ ජුබිලිය වෙනුවෙන් 2015 දී ශුද්ධ ද්වාරය විවෘත කර තිබුණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT