Home » අසිරිමත් නත්තල උදාවෙයි

අසිරිමත් නත්තල උදාවෙයි

by chanaka
December 25, 2024 9:49 am 0 comment

සාමයේ හා සහජීවනයේ අසිරිමත් පණිවිඩය ලොවට ගෙන ආ කිතු සමිඳාණන්ගේ උපත සිහිපත් කෙරෙන අසිරිමත් නත්තල් දිනය අදට (25) යෙදී තිබේ.

දේව මෙහෙයන් හා රතිඤ්ඤා හඬ මැද ඊයේ (24) මැදියම් රැයෙන් අසිරිමත් නත්තල උදාවිය.

අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ මූලිකත්වයෙන් මෙවර ජා-ඇළ වික්ෂෝප මාතා දෙව් මැඳුරේදී ඊයේ රාත්‍රී 11:40 සිට ප්‍රධාන නත්තල් දේව මෙහෙය පැවැත්වුණි.

බෙත්ලෙහෙමේ ගවලෙනක උපත ලැබූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ සුවිශේෂ උපත සැමරීම වෙනුවෙන් නත්තල් උත්සවය පවත්වන අතර නත්තල් උදාව වෙනුවෙන් ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප්වහන්සේ සහභාගි වන ප්‍රධාන දේව මෙහෙය වතිකානයේ සාන්ත පීතර බැසිලිකාවේදී පැවැත්විණි.

රට පුරා කිතුනු ජනතාව මෙවර නත්තල් උත්සවය සැමරීමට මහත් උනන්දුවෙන් කටයුතු කරන ආකාරය දැකගත හැකිය.

කිතුනු දේවස්ථාන රැසක සාම්ප්‍රදායිකව පැවැත්වෙන කැරොල් ගී ප්‍රසංග මෙන්ම නත්තල් ගස් හා ගවලෙන් සකසමින් ජේසු බිලිඳාගේ උපත සිහිපත් කෙරෙන නත්තල සැමරීමට කිතුනු ජනතාව මහත් හරසරින් කටයුතු කරන ආකාරය දකගත හැකිය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT