Home » සුනිල් සෙනෙවි පුතුගෙන් ‘ඩල්සි ආච්චි’ට සම්මානයක්

සුනිල් සෙනෙවි පුතුගෙන් ‘ඩල්සි ආච්චි’ට සම්මානයක්

by mahesh
December 25, 2024 1:00 am 0 comment

ඇය නමින් අයිරාංගනී සේරසිංහ ය; ‘දූදරුවෝ’ ටෙලි නාට්‍යයේ ‘ඩල්සි ආච්චි’ ය. 90 දශකයේ පාසල් සිසුවකු ලෙස දූදරුවෝ ටෙලි නාට්‍යය නැරඹූ සුනිල් සෙනෙවි අද මෙරට බුද්ධ ශාසන හා සංස්කෘතික ඇමැතිවරයාය. නාට්‍යකරුවකුට ජීවිතයේ එක් වරක් පමණක් පිදෙන ‘නාට්‍ය කීර්ති’ සම්මානය ද රැගෙන සුනිල් සෙනෙවි පුතු ඩල්සි ආච්චි බැහැදකින්නට ගෙදරටම ගියේය. එහිදී වඩාත් භක්තිමත් හැඟීමෙන් එම සම්මානය 97 හැවිරිදි ප්‍රවීණ රංගන ශිල්පිනී අයිරාංගනී සේරසිංහ මහත්මියට පිරිනැමුණි.

‘අනේ අද සුදු සීයා සිටියා නම්’ සුනිල් සෙනෙවි පුතුටත්, ඩල්සි ආච්චිටත් එසේ සිතෙන්නට ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT