Home » නත්තල් දා සිරකරුවන්ට OPEN VISIT

නත්තල් දා සිරකරුවන්ට OPEN VISIT

by chanaka
December 24, 2024 7:15 pm 0 comment

බන්ධනාගාර ගත රැඳවුවන්ට නත්තල් දිනය (25)දා ,විවෘතව අමුත්තන් හමුවීමේ විශේෂ අවස්ථාවක් (OPEN VISIT) බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් සලසා දී ඇත.

ඒ අනුව හෙට දින තුළ රැඳවුවන්ගේ ඥාතීන් විසින් රැගෙන එන ආහාර, රසකැවිලි හා සනීපාරක්ෂක ද්‍රව්‍ය එක් රැඳවුවකුට ප්‍රමාණවත් වන පරිදි ලබා දීමට අවස්ථාව ලබා දී ඇත. සියලු සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව එම අමුත්තන් හමුවීමේ කටයුතු දිවයිනේ සියලුම බන්ධනාගාර ආයතනයන් තුළ සිදු කරනු ලබන බව බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය ප්‍රකාශක) ගාමිණී බී. දිසානායක මහතා පවසයි.

 

බුද්ධිකා ඉඹුලාන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT