Home » ගෝතමාලාවට උඩින් ආපු නත්තල් සීයා

ගෝතමාලාවට උඩින් ආපු නත්තල් සීයා

by chanaka
December 24, 2024 7:21 pm 0 comment

නත්තල් සීයෙකු ලෙස සැරසුණු ගෝතමාලාවේ ගිනි නිවන භටයෙකු පාලමකින් බැස, ළමුන්ට නත්තල් තෑගි බෙදාදීමේ පුවතක් බීබීසී පුවත් සේවය වාර්තා කරයි.

78 හැවිරිදි හෙක්ටර් චාකෝන් නමැති ගිනි නිවන භටයා නත්තල් සීයෙකු ලෙස සැරසී ඔහුගේ සඟයන්ගේ සහය ඇතිව පාලමේ සිට කඹයක ආධාරයෙන් මීටර 70 ක් පමණ පහළට බැස කුඩා දරුවන්ට නත්තල් තෑගි ලබා දුන් බව වාර්තා වේ.

සෑම වසරකම නත්තල් සීයෙකු ලෙස සැරසී ළමුන්ට තෑගි බෙදාදීම ඉතා සතුටින් සිදුකරන බව, ඔහු පවසා ඇත.

චාකෝන් වසර 27ක් පුරා මෙය සිදු කර තිබේ.

අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන්ට නත්තල් උත්සවය සතුටින් සැමරීමට දායක වීමට ලැබීම මහත් සතුටක් බව ඔහු කියා සිටියි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT