64
තුර්කියේ බලිකෙසර් ප්‍රාන්තයේ කවකාලි ප්‍රදේශයේ සිදු වූ පිපිරීමකින් 12 දෙනෙකු මියගොස් තවත් 04 දෙනෙකු තුවාල ලබා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පුපුරණ ද්‍රව්‍ය කම්හලක මෙම පිපිරීම සිදුව ඇති බව සදහන් වේ.
පිපිරීමත් සමඟ ගින්නක් හටගෙන තිබෙන අතර ගිනි නිවන නිලධාරීන් විසින් එය මැඩ පවත්වා තිබෙන බව වාර්තාවේ.
එසේම තුර්කි අභ්‍යන්තර කටයුතු අමාත්‍ය අලි යෙර්ලිකායා ප්‍රකාශ කළේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි.