Home » ප්‍රධාන නත්තල් දේවමෙහෙය ජා-ඇළ වික්ෂෝප දේව මාතා දෙව්මැදුරේදී

ප්‍රධාන නත්තල් දේවමෙහෙය ජා-ඇළ වික්ෂෝප දේව මාතා දෙව්මැදුරේදී

by chanaka
December 24, 2024 7:30 pm 0 comment

කිසිදු බියක් හෝ සැකයක් නොමැතිව දේවස්ථානවලට ගොස් නත්තල වෙනුවෙන් ආගමික වාතාවත්වල නිරතවන්නැයි කොළඹ අගරදගුරු පදවි ජන සන්නිවේදන අධ්‍යක්ෂ ජූඩ් ක්‍රිෂාන්ත පියතුමා කිතුණු බැතිමතුන්ගෙන් සහ ජනතාවගෙන් ඉල්ලා සිටියි.

අදාළ ආගමික ස්ථානවල, දේවස්ථානවල පොලීසිය සහ හමුදාවන් යොදවා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් සකස් කර ඇති බවද ගරු ජූඩ් ක්‍රිෂාන්ත පියතුමා පෙන්වා දෙයි.

අද (24) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ගරු ජූඩ් ක්‍රිෂාන්ත පියතුමා මේ බව පැහැදිලි කළේය.

“නත්තල සඳහා මුළු ලාංකික ජනතාවම සූදානම් වෙද්දි විශේෂයෙන්ම කිතුණු බැතිමතුන් සියලුදෙනා අද මධ්‍යම රාත්‍රියේ දිව්‍ය මෙහෙයට සහභාගී වෙනවා. අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ප්‍රධාන දේවමෙහෙය ජා-ඇළ වික්ෂෝප දේවමාතා දෙව්මැදුරේදී රාත්‍රී 11.40 ට ආරම්භ වෙනවා.”

“කොළඹ පදවිය සහ ලංකාවේ අනෙකුත් පදවිවල අතිඋතුම් රදගුරුතුමන්ලා ඒ ඒ විශේෂ දේවස්ථානවලදී එම දිව්‍ය යාගයන් සිදුකරනවා. ඒ වගේම කතෝලික හැම දේවස්ථානයකදීම අද මධ්‍යම රාත්‍රී දිව්‍ය යාගය ඉතා උත්කර්ෂවත්ව ප්‍රීතියෙන් සමරනු ලබනවා.”

“විශේෂයෙන්ම අපගේ ජනතාව එකරාශ්‍රී වන දේවස්ථානවලදී පොලීසිය සහ ආරක්ෂක හමුදාවන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් මේ වනවිට සකස් කරලා තියෙනවා. කිසිදු බියක් සැකක් නැතිව දේවස්ථානවලට ගිහිල්ලා තමන්ගේ ආගමික වතාවන් ඉටු කරන්න. එම දේවස්ථානවලදී ප්‍රීතියෙන් සතුටින් සැනසුමෙන් යුතුව දිව්‍ය යාගයට සහභාගි වෙන්න අවකාශය තිබෙනවා”.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT