Home » රොබින් උතප්පාට එරෙහිව වරෙන්තුවක්

රොබින් උතප්පාට එරෙහිව වරෙන්තුවක්

by sachintha
December 23, 2024 1:36 am 0 comment

සේවක අර්ථසාධක අරමුදලේ (ඊපීඑෆ්) දායක මුදල් වංචා කිරීමේ චෝදනාව මත හිටපු ඉන්දීය ආරම්භක පිතිකරු රොබින් උතප්පාට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් කලාපීය අර්ථසාධක අරමුදල් කොමසාරිස් ෂඩක්ෂර ගෝපාල් නැඟෙනහිර බෙංගලෝරයේ පුලකේෂිනගර් පොලිස් ස්ථානයට නිකුත් කර තිබේ.

රොබින් උතප්පා පවත්වාගෙන යනු ලබන ඇඟලුම් කර්මාන්තායතනයේ සේවකයින්ගේ ගිණුමට බැර කළ යුතු වන ඉන්දීය රුපියල් රුපියල් ලක්ෂ 23.36ක මුදලක් බැර නොකිරීමේ චෝදනා මත මෙම වරෙන්තුව නිකුත්කොට ඇත.

එහෙත් රොබින් උතප්පා පසුගිය වසරක කාලය තුළ වරෙන්තුවේ සඳහන් ලිපිනයේ රැඳී නොසිටි බවත් දැනට ඩුබායි හි සිටින බවත් පොලිසිය සඳහන් කොට ඇත.

2006 වසරේ ඉන්දියාව වෙනුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවට පිවිසීමට ඔහුට අවස්ථා උදාකර ඉන්දියාව වෙනුවෙන් එක්දින තරග 46කට සහ විස්සයි20 තරග 13කට ක්‍රීඩා කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT