Home » අන්තර් සමාජ පළමු පෙළ රග්බි සීආර් පිලට පහසු ජයක්

අන්තර් සමාජ පළමු පෙළ රග්බි සීආර් පිලට පහසු ජයක්

by sachintha
December 23, 2024 1:35 am 0 comment

අන්තර් සමාජ පළමු පෙළ ලීග් රග්බි තරගාවලියේ දෙවැනි සති අන්තයේ සීආර් ඇන්ඩ් එෆ්සී ක්‍රීඩා සමාජය සහ ශ්‍රී ලයන්ස් ක්‍රීඩා සමාජය අතර පැවති තරගයෙන් ලකුණු 43-13ක ජයක් වාර්තා කිරීමට සීආර් පිල සමත් විය. සීආර් පිටියේ ඊයේ පස්වරුවේ පැවති මේ තරගයේ පළමු භාගය නිමා වන විට සීආර් පිල ලකුණු 22-8කින් පෙරමුණ ගත්තේය.

මේ අතර ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩා සමාජය සමඟ නිත්තවෙල පැවති තරගයේදී ලකුණු 70-5ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට මහනුවර ක්‍රීඩා සමාජය සමත් විය. තරගයේ පළමු භාගය නිමා වනවිට ලකුණු 39-5කින් පෙරමුණ ගත් මහනුවර ක්‍රීඩකයෝ තරගය පුරා උත්සාහක දිනුම් 9ක් තැබූ අතර, ඉන් 8ක්ම ගෝල බවට පත් කරගැනීමට ද සමත්වූහ. මීට අමතරව දඬුවම් පහර 3ක් ද රැස් කිරීමට මහනුවර පිල සමත්වෙද්දී යුද හමුදාවට ලබාගත හැකි වූයේ උත්සාහක දිනුමක් පමණි. එදිනම රත්මලාන ගුවන් හමුදා පිටියේ පැවති තවත් තරගයකින් ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩා සමාජය ලකුණු 30-19කින් පරාජය කිරීමට හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය සමත් විය. හැව්ලොක්ස් පිලේ ලකුණු සංඛ්‍යාවට ගෝලයක්, උත්සාහක දිනුම් 4ක් සහ දඬුවම් පහරක් ඇතුළත් වූ අතර, ගුවන් හමුදා පිල උත්සාහක දිනුම් 2ක් සහ දඬුවම් පහර 3ක් එල්ල කළේය. තරගාවලියේ දෙවැනි සති අන්තයේ තරග ආරම්භ කරමින් ශ්‍රී ලංකා පොලිස් ක්‍රීඩා සමාජය සහ සීඑච් ඇන්ඩ් එෆ්සී ක්‍රීඩා සමාජය අතර පසුගිය සිකුරාදා පොලිස් පිටියේ පැවති තරගය ලකුණු 39-27කින් ජය ගැනීමට සීඑච් ඇන්ඩ් එෆ්සී ක්‍රීඩා සමාජය සමත් විය. සීඑච් පිල තරගය පුරා ගෝල් 4ක්, උත්සාහක දිනුමක් සහ දඬුවම් පහර 2ක් වාර්තා කළ අතර, පොලිස් පිලට ලබාගත හැකි වූයේ ගෝල් 3ක් සහ දඬුවම් පහර 2ක් පමණි.

ෆවුස් මොහොමඩ්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT