බංග්ලාදේශ ජාත්‍යන්තර යෝනෙක්ස් – සන්රයිස් අභියෝගතා බැඩ්මින්ටන් තරගාවලියේ පිරිමි ඒකල තරග ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට විරේන් නෙත්තසිංහ සමත් විය.
ඩකා නුවර බංගබන්දු ක්‍රීඩා සංකීර්ණයේ පසුගියදා පැවති මේ තරගාවලියේ පිරිමි ඒකල අවසන් මහා තරගයේදී විරේන් හමුවේ ලකුණු 21-17ක් සහ 21-17ක් ලෙස කැනඩාවේ ෂියැංඩොං ෂෙං පරාජය විය. ඔහු බංග්ලාදේශ තරගාවලියේ පිරිමි ඒකල ශ්‍රේණිගත කිරීම්වල සිවුවැනි ස්ථානයේ පසුවූ ක්‍රීඩකයා වූ අතර, ෂියැංඩොං ෂෙං ශ්‍රේණිගත කිරීම්වල පසුවූයේ තුන්වැනි ස්ථානයේය.
ශ්‍රී ලංකා බැඩ්මින්ටන් පිරිමි ඒකල ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයේ පසුවන විරේන් නෙත්තසිංහ ඔලිම්පික් ක්‍රීඩා උලෙළ නියෝජනය කළ ශ්‍රී ලංකාවේ ළාබාලතම බැඩ්මින්ටන් ක්‍රීඩකයා ද වේ. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 12 දෙනකු එම තරගාවලියේදී කාන්තා හා පිරිමි ඒකල, යුගල සහ මිශ්‍ර යුගල තරග සඳහා ක්‍රීඩා කළ අතර, මෙරට කාන්තා යුගල බැඩ්මින්ටන් පිටියේ විශිෂ්ටතම ක්‍රීඩිකාවන් දෙදෙනකු වන ඉසුරි අත්තනායක සහ සිතුමි ද සිල්වා එම තරග ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් වූහ.
ෆවුස් මොහොමඩ්