ගාල්ල දිස්ත්‍රික්කයේ මුහුදුබඩ ප්‍රදේශවල වගා කර තිබූ කුරුඳු වගාව, සුනාමියෙන් විනාශ වූ පසු නැවත වරක් වගා කර ලද කුරුඳු අස්වැන්නේ මුල් කොටස සීනිගම දෙවොල් දෙවියන් වෙත පූජා කිරීම එදා සිට මේ වන තෙක් පැවත එන්නක් වන අතර, ඒ අනුව මෙවර ලබා ගත් මුල් කුරුදු අස්වැන්න දෙවොල් දෙවියන් වෙත පූජා කිරීමේ කුරුඳු මංගල්‍යය 18 වැනි වතාවටත් ඉකුත් 21 වැනි දින පෙරවරුවේ උත්සවශ්‍රීයෙන් සිදු කෙරිණ.
කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුවේ සහ ගාල්ල දිස්ත්‍රික් කුරුඳු වගාකරුවන්ගේ සංගමයේ මෙහෙයවීමෙන් පවත්වන ලද මෙම උත්සවය දකුණු පළාත් ආණ්ඩුකාර බන්දුල හරිස්චන්ද්‍ර සහ වෘත්තීය පුහුණු අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති නලීන් හේවගේ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ. දේවාලයෙන් මඳක් ඈතින් ආරම්භ කරන ලද කුරුඳු අස්වැන්න රැගත් පෙරහර ගාල්ල – කොළඹ මහා මාර්ගය ඔස්සේ දේවාලය වෙත පැමිණෙන අවස්ථාවේ ආණ්ඩුකාරවරයා සහ නියෝජ්‍ය ඇමැතිවරයා ද කුරුඳු අස්වැන්න අතැතිව පෙරහරේ ගමන් ගත්හ.
අම්බලන්ගොඩ සමූහ – ආර්. ඤාණදාස