71
2024 වසර තුළ මේ දක්වා පමණක් ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි සැපයුම අනවසරයෙන් වැටවල්වලට හෝ රැහැන්වලට සම්බන්ධ කිරීම මගින් අලි 50දෙනෙකු පමණ මරණයට පත්ව ඇතැයි ලංකා විදුලිබල මණ්ඩල සදහන් කරයි.
එම මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරනුයේ මෙම නීති විරෝධී ක්රියාව සම්බන්ධයෙන් දැනටමත් විවිධ ක්රියාමාර්ග ගෙන ඇති බවයි.
ඒ අනුව විදුලි සැපයුම අනවසරයෙන් වැටවල්වලට හෝ රැහැන්වලට සම්බන්ධ කිරීම් පිළිබඳ 0112 118 767 දුරකථන අංකය ඔස්සේ හෝ හදිසි ඇමතුම් අංකයවන 1987 දුරකථන අංක ඔස්සේ වහාම ලංකා විදුලිබල මණ්ඩලය දැනුවත් කරන ලෙස ඉල්ලීමක් කරනු ලැබේ.