Home » ශ්‍රී ලංකා ව‍ෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය 45 වන සංවත්සරය සමරයි

ශ්‍රී ලංකා ව‍ෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය 45 වන සංවත්සරය සමරයි

by yasara
December 23, 2024 12:51 pm 0 comment

ශ්‍රී ලංකා වෘත්ත‍ීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය හතලිස් පස් වන (45)  සංවත්සරය පෙරේදා (21) කො‍ළඹ ඩි.ආර් . විජේවර්ධන මාවතේ පිහිටි නෝමි නෝමි තායි රෙස් ස්ටෝරන්ට් (සීනෝර් හෝටලයේ ) හිදී උත්කර්ෂවත් අන්දමින් සමරන ලැබීය.

එම අවස්ථාවට වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සමාජිකයින් එකසිය විසිපස් දෙනෙකු(125) පමන පිරිසක් සහභාගි වී සිටියහ.

විශේෂිත ආරාධිතයන් ලෙස ඉන්දිය මහ කොමසාරිස් සන්තෝෂ් ජා වෙනුවට එම මහ කොමසාරිස් කාර්යාලයේ පලමු ලේකම් නව්‍යා සින්ග්ලා සහ ලේක් හවුස් ආයතනයේ කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂක සිසිර යාපා මහතාද සහභාගි විය

මෙම සංවත්සර සභාවේ විශේෂ අවස්ථාවක් ලෙස ජාත්‍යන්තර ජනමාධ්‍යවේදීන්ගේ සම්මේලනය අනුමැතියෙන් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන් සංගමය මාධ්‍ය හැදුම්පතක් මෙහිදී මාධ්‍යවේදීන් හට පිරිනමන ලදී.

ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදින්ගේ සංගමයේ ‌ලේකම් රංග බණ්ඩාරනායක සංවත්සරයට පැමිණි සිටි ආරාධිතයන් මෙන්ම සමාජිකයින් උණුසුම් අයුරින් පිළිගත්තේය‍. සංගමයේ සභාපති දුමින්ද සම්පත් සංවත්සරයේ අරමුණ සහ ආ ගමන් මග කතා කරමින් විධායක කමිටුවේ කැප විම ඇගයීමට ලක් කළේය. පසුව ප්‍රධාන අරාධිත දේශනය ඉන්දිය මහ කොමසාරිස් කාර්යාලයේ දෙවන ලේකම් සින්ග්ලා පැවැත් වු අතර ලෙක්හවුස්  ආයතනයේ කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂක සිසිර යාපා ද මෙහිදී අදහස් දැක්විය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT