Home » යාල කලාපයේ ගංජා හේන් අටක් වටලයි

යාල කලාපයේ ගංජා හේන් අටක් වටලයි

by yasara
December 23, 2024 11:18 am 0 comment

පොලිස් විශේෂ කාර්ය බලකායේ බුත්තල කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් දෙසැම්බර් 19 වෙනිදා සිට 22 දක්වා දින හතරක් තුළදී යාල වනෝද්‍යානයේ කලාප අංක 06 ප්‍රදේශයේ සිදුකළ වැටලීම් වලදී ගංජාහේන් අටක් වටලා සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ගංජාහේන් දෙකක සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර සෙසු ගංජාහේන් හයේ සැකකරුවන් පළාගොස් තිබේ.

අක්කර දාහතරක පමණ භූමියක මෙම ගංජා වගාවන් වගාකර තිබී ඇත.

විවිධ උසින් යුත් ගංජාගස් ලක්ෂ දහයක් පමණ ඒවායේ තිබී ඇති අතර ගංජාගස් කපාකොටා පුළුස්සා විනාශකර තිබේ.

ගංජාගස් වලින් කොටසක් සහ සැකකරුවන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත්කිරීමට ගෝනගංආර පොලීසියට භාරදී ඇත.

සැකකරුවන් දෙදෙනා වලස්මුල්ල සහ මහඔය ප්‍රදේශ වල පදිංචි අවුරුදු 42 සහ 52 යන වියෙහි පසුවන අයවෙති.

පොලිස් විශේෂ කාර්ය බලකායේ මොනරාගල ප්‍රදේශයභාර සහකාර පොලිස් අධිකාරී ඒ.ඒ.යූ රත්නසූරිය මහතාගේ උපදෙස් පිට බුත්තල කඳවුරේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පී.එම්.පී ජනිත් කුමාර මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් වැටලීම සිදුකර ඇත.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT