මොළයේ සෞඛ්‍ය ප්‍රවර්ධනය සඳහා ලොව ප්‍රථම වරට ජනතාව දැනුවත් කිරීමට සන්නාම තානාපතිවරුන් 100ක් සමාජගත කිරීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් රත්මලාන ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේදී පසුගියදා (19) සිදු කෙරිණි.
ස්වේච්ඡා සේවාවක් ලෙස මේ සන්නාම තානාපතිවරුන් මේ කාර්යය සිදු කරන අතර ‘මොළයේ සුවයට නිවැරදි කරුණු 10ක්’ පදනම් කරගනිමින් මේ ප්‍රවර්ධන කාර්යය සිදු කෙරේ. සෞඛ්‍ය සම්පන්න ආහාර රටාව, කායිකව ක්‍රියාශීලි වීම, යහපත් පුරවැසියකුව සමාජීය සබඳතා ඇති කරගැනීම, ශරීරයේ බර හා ඉණේ වට ප්‍රමාණය කළමනාකරණය, දුම්බීමෙන් වැළකීම, කොලෙස්ටරෝල් මට්ටම කළමනාකරණය, රුධිරගත සීනි මට්ටම කළමනාකරණය, රුධිර පීඩනය කළමනාකරණය, ධනාත්මක මානසික ආතතිය කළමනාකරණය, සුවදායි නින්ද යනාදි කරුණු 10 මේ කාර්යයට ඇතුළත්ය.
මොළයේ සෞඛ්‍යය ප්‍රවර්ධනය සහ ජනතාව දැනුවත් කිරීමට ගන්නා වූ මේ ප්‍රයත්නය ඉතා විශිෂ්ට ක්‍රියාවක් බවත්, ඒ වෙනුවෙන් නායකත්වය ගෙන කටයුතු කරන සියලු දෙනා සහ එම අංශ වෙත කෘතවේදිත්වය පළ කරන බවත් මේ සමාරම්භක උත්සවයට එක් වූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. මෙවැනි ස්වේච්ඡා සේවාවන් මඟින් රටේ ජනතාවට රෝගයන්ට ගොදුරු වීමෙන් වැළකී සිටීම පිළිබඳ උපදේශනය සහ දැනුවත්භාවය ලබාදිය හැකි බවද ඇමැතිවරයා පැවසීය.
බිලියන 8 ක් වන ලෝක ජනගහනය අතරින් බිලියන 4කට ආසන්න සංඛ්‍යාවක් මේ වන විට මොළයේ රෝගයකින් පීඩා විඳින බවත්, මොළයේ රෝග 400ක් පමණ මේ වන විට හඳුනාගෙන ඇති බවත් මේ උත්සවයේදී අනාවරණය විය. මොළයේ ප්‍රධාන රෝග ලෙස අංශභාගය, ඩිමෙන්ෂියාව, මිග්‍රේන් ඇතුළු හිසරද රෝග, අපස්මාර රෝගය, දියවැඩියා රෝගය නිසා පර්යන්ත ස්නායුවලට හානි වීම මිනිස් ජීවිතයටම වැඩිපුරම බලපෑම් සිදු කරන රෝග ලෙස හඳුනාගෙන ඇති බවද මොළයේ රෝග පිළිබඳ නිසි දැනුවත්භාවය සලසා දීමෙන් 90%කටත් වඩා රෝග වළක්වාගැනීමට හැකියාව ලැබෙන බවද මෙහිදී අනාවරණය විය.
මේ වැඩපිළිවෙළට දායකත්වය දැක්වීමට Global Patient Advocacy Coalition – GPAC සහ Leading international organization සංවිධාන ඉදිරිපත්ව සිටී.
සන්ධ්‍යා කරුණාරත්න