Home » සුළු හා මධ්‍ය කර්මාන්තවලට විදුලි හා ඉන්ධන සහන දෙන්න – පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා

සුළු හා මධ්‍ය කර්මාන්තවලට විදුලි හා ඉන්ධන සහන දෙන්න – පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා

by sachintha
December 23, 2024 1:20 am 0 comment

කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තශාලා පවත්වාගෙනයෑමට විදුලි බිලට, ඉන්ධන මිලට කඩිනමින් සහනයක් ලබාදීමට රජය පියවර ගත යුතු යැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා මහතා පැවසීය. පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී පසුගියදා (20) පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව කීවේය.

එහිදී මන්ත්‍රීවරයා මෙසේද පැවසීය.

රටේ ආර්ථිකය වර්ධනය කිරීමට රටේ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් නඟාසිටුවීමට වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුයි. ගෝඨාභය රාජපක්ෂ රජය ගත් වැරදි ආර්ථික තීන්දු තීරණ නිසා කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් විශාල පසුබෑමකට ලක්වුණා. ඒ වගේම කොවිඩ් වසංගතය නිසාත් කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් දැඩි අපහසුතාවකට පත්වුණා. ඒ වගේම බැංකු ණය ගෙවා ගැනීමට නොහැකි නිසාත් කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් දැඩි අපහසුතාවකට පත්වුණා. කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් ඉල්ලා සිටියේ බැංකු ණය සඳහා සහන කාලයක් ලබා දෙන ලෙසයි. ඒ වගේම බැංකු ණය ගෙවීමට සහන පොලී අනුපාතයක් ලබා දෙන ලෙසත් ඔවුන් ඉල්ලා සිටියේය. ඒ වගේම කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත පවත්වාගෙන යෑමට අවශ්‍ය වන පිරිවැය අවම කරන්නැයි ද ඔවුන් ඉල්ලා සිටියේය. වර්තමාන රජයේ මේ සඳහා කිසිම පියවරක් ගන්නේ නැති බව තමයි අපට පෙනෙන්න තිබෙන්නේ. රටේ කර්මාන්තකරුවන්ට සහ රටේ සාමාන්‍ය ජනතාවට බලපාන ප්‍රධාන කාරණයක් තමයි විදුලි බලය. විදුලි බලය සහ ඉන්ධන කර්මාන්තකරුවන්ගේ ප්‍රධාන සාධකයක්. ඒ නිසා කර්මාන්තකරුවන්ට ඔවුන්ගේ විදුලිබිලට සහ ඉන්ධන මිලට සාධාරණයක් නොලැබුණොත් රටේ කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත නඟා සිටුවීම කළ නොහැකි දෙයක්. ඒ වගේම රටේ ආර්ථිකය නඟාසිටුවීමට ඔවුන්ට දායකත්වයක් ලබාදීමට නොහැකියි. ඒ නිසා වැටී තිබෙන කර්මාන්ත යළි නඟා සිටුවීමට බැංකු ණය සහ පොළී අනුපාතය සඳහා සාධාරණයක් ලබාදිය යුතුයි. ඒ වගේම විදුලි බිල අඩුකිරීමේ ක්‍රියාමාර්ගය ද රජය කඩිනමින් ගත යුතු යැයි ද කීවේය.

 

රක්ෂණ ශ්‍රියන්ත

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT