Monday, April 21, 2025
Home » අධිවේගයේ අනතුරින් දෙදෙනෙක් මරුට

අධිවේගයේ අනතුරින් දෙදෙනෙක් මරුට

by sachintha
December 23, 2024 1:11 am 0 comment

මංගල සාදයකට සහභාගිවී සිය නිවෙස් කරා ගමන් කරන පිරිසක් රැගත් වෑන් රථයක් දක්ෂිණ දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව සහ බද්දෙගම පිවිසුම් අතර කිලෝ මීටර් 87 ප්‍රදේශයේදී ලොරියක ගැටී දෙදෙනකු මියගොස් හතරදෙනකු තුවාල ලැබූ බව පින්නදුව අනුපාලක මධ්‍යස්ථානය කියයි.

තුවාල ලැබූවන් අතර කාන්තාවන් තිදෙනකු වන බව පොලීසිය පවසයි.

අනතුරින් මියගොස් ඇත්තේ ගාල්ල කොටුව පල්ලිය පාර පදිංචිව සිටි එම්. ටී. නසීර් (64) හා බෙලිගම වැලිපිටිය අනිකට් හේන පදිංචිව සිටි සිත්ති මර්ලියා (75) යන අයයි.

මියගිය සහ තුවාල ලැබූවන් පිරිස වැල්ලවත්ත ප්‍රදේශයේ මංගල සාදයකට පෙරේදා සහභාගි වී සිය නිවෙස් කරා පැමිණීම සඳහා කොට්ටාව දෙස සිට පින්නදුව දෙසට පැමිණීමේදී වෑන් රථය ඉදිරියෙන් ධාවනය වෙමින් තිබූ ලොරියේ පිටුපස පෙදෙසේ දකුණු පස ගැටි මෙම අනතුර වී ඇතැයි පොලීසියය කියයි. අනතුර සිදුවූ ස්ථානයේදීම පිරිමි පුද්ගලයා මියගොස් ඇති අතර රෝහල්ගත කිරීමෙන් අනතුරුව කාන්තාව මියගිය බව පොලීසිය කියයි.

වෑන් රියැදුරට නින්දයාම හේතුවෙන් මෙම අනතුර සිදුවී ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

ගාල්ල වක්වැල්ල පදිංචි 63 හැවිරිදි වෑන් රථ රියැදුරු හා කිරිඳිවැල පදිංචි 36 හැවිරිදි ලොරි රියැදුරු අත්අඩංගුවට ගෙන ඇත.

බණ්ඩාරගම – බිමල් ජයසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT