කොල්ලකන ලද යතුරුපැදියකට ව්‍යාජ ලියාපදිංචි අංක තහඩු සවිකරගෙන කොල්ලකෑම් ගණනාවක් සිදුකළ හිටපු නාවික සෙබළකු ඇතුළු දෙදෙනකු රුපියල් කෝටියකට අධික රන් භාණ්ඩ සමඟ අත්අඩංගුවට ගත් බව අතුරුගිරිය පොලීසිය කියයි.
කොල්ලකන ලද එම රන් භාණ්ඩ සමඟ කැති දෙකක් හා රම්බො පිහියක්, ව්‍යාජ අංක තහඩු සහ යතුරුපැදි දෙකක්, ජංගම දුරකතන පහක් අත් ඔරලෝසු හතරක් සැකකරුවන් සන්තකයේ තිබී සොයාගත් බව ද පොලීසිය පවසයි.
අතුරුගිරිය, එගොඩවත්ත ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 8300ක් සන්තකයේ තබාගෙන සැකකටයුතු යතුරුපැදියකින් යමින් සිටියදී තියුණු ආයුධ සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී ඉකුත් කාලය පුරා අතුරුගිරිය, මෙගොඩ මාලබේ, මීගහවත්ත, පානදුර උතුර, පානදුර දකුණ, හිරණ, යක්කල, මිනුවන්ගොඩ හා බියගම ආදී පොලිස් වසම්වල මහමග ගමන් ගත් කාන්තාවන්ට තියුණු ආයුධ පෙන්වා ගෙල බැඳි රන්මාල කොල්ලකෑ පුද්ගලයන් දෙදෙනා මොවුන් බවට අනාවරණය කර ගත් බව ද පොලීසිය සඳහන් කරයි.
මෙම සැකකරුවන් මිනුවන්ගොඩ හා කටාන ප්‍රදේශවල නිවෙස් දෙකකට තියුණු ආයුධ රැගෙන කඩා පැන නිවෙස් හිමියන් බියකර රන් භාණ්ඩ ඇතුළු දේපළ කොල්ලකා එම නිවෙස්වල තිබූ මෝටර් රථයක් සහ යතුරුපැදියක් කොල්ලකෑ අයවලුන් බවට ද හඳුනාගත් බව ද පොලීසිය පවසයි.
මෙම සැකකරුවන් කොල්ලකන ලද එම මෝටර් රථයක් මහ මඟ දමා ගොස් තිබූ අතර සොරාගත් යතුරුපැදියක් උපයෝගී කරගෙන ව්‍යාජ අංක තහඩුවක් සවිකරගෙන මේ දක්වා කොල්ලකෑම් සිදු කර තිබූ බවත් පොලීසිය සඳහන් කරයි. මෙම සැකකරුවන් දෙදෙනා 2009 වසරේ කොල්ලකෑමක් සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිට ඇප මත නිදහස් වූවන් බව ද පොලීසිය පවසයි.
සැකකරුවන් විසින් කොල්ලකන ලද රන් භාණ්ඩ කඩවත, මරදාන හා කටාන යන ප්‍රදේශවලට විකුණා සහ උගස් කර හෙෙරායින් මත්කුඩු සඳහා වැය කර තිබූ බව පොලීසිය කියයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා කඩවත, බියංවිල පදිංචි වයස අවුරුදු 31ත් 38ත් අතර පසුවන්නන් බව ද පොලීසිය සඳහන් කරයි.
නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මංගල දෙහිදෙණිය, සහකාර පොලිස් අධිකාරි ගාමිණී රණවක යන මහත්වරුන්ගේ උපදෙස් මත අතුරුගිරිය පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ශාරද ප්‍රනාන්දු මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අසංක ප්‍රේමලාල්, උප පොලිස් පරික්ෂක රුසිරූ විජේසේන, පොලිස් සැරයන් (40793) තෙන්නකෝන්, මදුරංග, රොෂාන්, ඒකනායක, කපිල සිරි යන මහත්වරු පරීක්ෂණ පවත්වති.
බණ්ඩාරගම – බිමල් ජයසිංහ
කොට්ටාව – ප්‍රදීප් කුමාර