Monday, April 21, 2025
Home » සොරාගත් එළුවකු මරා මස් රැගෙන එමින් සිටි කොස්තාපල්ට වැඩ වරදී

සොරාගත් එළුවකු මරා මස් රැගෙන එමින් සිටි කොස්තාපල්ට වැඩ වරදී

by sachintha
December 23, 2024 1:31 am 0 comment

සොරකම් කොට මරා දමන ලද එළුවකුගේ මස් තොගයක් රැගෙන ඩෙල්ෆ් දූපතේ සිට යාපනයට පැමිණෙමින් සිටි පොලිස් නිලධාරියකු ජනතාව විසින් පෙරේදා (21) අත්අඩංගුවට ගනු ලැබූ අතර යාපනය ඌර්කාවතුරේ පොලීසිය වෙත බාර දී තිබේ.

ඩෙල්ෆ්ට් දූපතේ සේවය කරන මෙම පොලිස් නිලධාරියා විශාල බෑගයක මස් දමාගෙන බෝට්ටුවකින් යාපනයට පැමිණ තිබේ. ඔහු රැගෙන එන ලද බෑගයේ ලේ තැවරී තිබෙනු දැක, බෝට්ටුවේ සිටි පිරිසක් එය පරීක්ෂා කිරීමේ දී එහි මස් තොගයක් ඇති බව නිරීක්ෂණය වී ඇත.

යාපනයේ කුරීකඩ්ඩුවාන් ජැටියේදී මේ බව පොලීසියට හා නාවික හමුදාවට දැනුම් දීමෙන් පසුව ඌර්කාවතුරේ පොලීසියේ නිලධාරීන් පිරිසක් පැමිණ පොලිස් නිලධාරියා හා මස් තොගය අත්අඩංගුවට ගෙන තිබේ.

එම පොලිස් නිලධාරියා විසින් රැගෙන යන ලද මස් තොගය කිලෝ 20 ක් පමණ බර බව කුරීකඩ්ඩුවාන් ජැටියේ සේවය කළ පොලිස් නිලධාරීන් හා නාවික හමුදා නිලධාරීන් ප්‍රකාශ කළේය. සිද්ධිය සම්බන්ධයෙන් සිදු කළ පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ ඩෙල්ෆ් ප්‍රදේශයෙන් සොරකම් කරන ලද එළුවකු මරා, මස් රැගෙන එමින් තිබූ බවයි.

උතුරු පළාත් විශේෂ රසුල දිල්හාර ගමගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT