Monday, April 21, 2025
Home » මුහුදේ දැවැන්තයෙක් හලාවත වෙරළ සිප ගනී

මුහුදේ දැවැන්තයෙක් හලාවත වෙරළ සිප ගනී

by sachintha
December 23, 2024 1:30 am 0 comment

අඩි විස්සක් පමණ දිග තල්මසකු ඉකුත් 20 වැනිදා අලුයම හලාවත වැල්ල, වෙරළ තීරයට ගොඩ ගැසූ අතර පසුව වැල්ල ග්‍රාමයේ ජනතාව එක්ව තල්මසා මුහුදට දැමීමට පියවර ගෙන ඇත.

“පයිලට් වේල්ස්” නමින් හඳුන්වන මේ තල්මසා කිලෝ ග්‍රෑම් දාහකට වඩා වැඩි බරකින් යුත් බව හලාවත වැල්ල ධීවර සමිතියේ සභාපති ඇන්ටන් රොෂාන් මහතා පැවසීය.

ජනතාව එක්ව මේ දැවැන්තයා මුහුදට දැමුවත් අවස්ථා කිහිපයකදීම මේ සත්ත්වයා වෙරළට ගසාගෙන පැමිණි අතර අවසානයේ බෝට්ටුවක් හා තෙප්පමක් ආධාරයෙන් මේ සත්ත්වයා ගැඹුරු මුහුදට දැමීමට ධීවරයන් පියවර ගෙන තිබේ.

හලාවත පොලීසිය, වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව, වනජීවී දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන කිහිපයක නිලධාරීන්, හලාවත ධීවර ජනතාවට සහය හා උපදෙස් ලබා දීම සඳහා ඉදිරිපත් විය.

පුත්තලම දිසා සමූහ – ප්‍රසාද් පූර්ණමාල්

පුත්තලම විශේෂ – හිරාන් ප්‍රියංකර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT