‘චීන මහජන සමූහාණ්ඩුවේ විදේශ සම්බාධක විරෝධී නීතියේ’ විධිවිධාන අනුව කැනඩාවේ ආයතන 2ක් හා එහි පුද්ගලයින් 20කට එරෙහිව ප්‍රති ක්‍රියාමාර්ග ගැනීමට චීනය තීරණය කර ඇතැයි චීන විදේශ අමාත්‍යංශය ප්‍රකාශ කර ඇත.
මේ අනුව කැනඩාවේ ” උයිගුර් මානව හිමිකම් උපදේශන ව්‍යාපෘතිය” සහ ” කැනේඩියානු ටිබෙට් කමිටුව” යන ආයතන දෙකට අයත් චීනය තුළ ඇති වත්කම් සීමා කෙරේ. එම ආයතන දෙක චීන සංවිධාන සහ පුද්ගලයන් සමග ගනුදෙනු කිරීම, සහයෝගීතා පැවැත්වීම ද තහනම් කර ඇත.
එමෙන්ම කැනඩාවේ ” උයිගුර් මානව හිමිකම් උපදේශන ව්‍යාපෘතිය ” සහ ” කැනේඩියානු ටිබෙට් කමිටුව” යන ආයතන දෙකේ අදාළ පුද්ගලයින් 20 දෙනාට අයත් චීනයේ ඇති වත්කම් ද සීමා කෙරේ. එම පුද්ගලයින් 20 දෙනා සහ චීනයේ සංවිධාන හා පුද්ගලයන් අතර ගනුදෙනු මෙන්ම සහයෝගීතා පැවැත්වීම ද තහනම් කර ඇත. එමෙන්ම ඔවුන්ට හොංකොං සහ මැකව් යන කලාප දෙක ඇතුළුව චීන වීසා නිකුත් නොකෙරේ.
මෙම තීරණය 2024 දෙසැම්බර් 21 දින සිට බලාත්මක වනු ඇත.