Sunday, April 20, 2025
Home » TikTok මෘදුකාංගය ගැන ට්‍රම්ප්ගේ කැමැත්ත

TikTok මෘදුකාංගය ගැන ට්‍රම්ප්ගේ කැමැත්ත

by chanaka
December 23, 2024 12:01 pm 0 comment

ඇමරිකාවේ ජනාධිපතිවරයා ලෙසට තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ(22) ඇරිසෝනාහි පැවති සමුළුවකදී ප්‍රකාශ කළේ කෙටි වීඩියෝ සමාජ මාධ්‍ය වේදිකාවක් වන TikTok මෘදුකාංගය ඇමරිකාවේ යම් කාලයක් අඛණ්ඩව ක්‍රියාත්මක වීමට ඉඩ ලබ‍දීම කෙරෙහි තමාගේ කැමැත්තක් ඇති බවයි.

ට්‍රම්ප් පැවසුවේ, “මෙම වේදිකාව මත අපට බිලියන ගණනක දර්ශන සහිතව ඉහළ ප්‍රතිචාර ලැබී තිබේ” සහ “ ඇතැම් විට අප එය තවත් යම් කාලයක් පවත්වා ගත යුතුය.” යනුවෙනි

මෙම වසරේ අප්‍රේල් 24 වැනිදා, ඇමරිකාවේ කොන්ග්‍රසය විසින් සම්මත කරන ලද පනතකට ජනාධිපති ජෝ බයිඩ්න් අත්සන් තැබූ අතර TikTok මෘදුකාංගයේ මව් සමාගම වන ByteDance සමාගම විසින් TikTok චීන නොවන සමාගමකට දින 270 ක් තුළ අලෙවි කළ යුතු බවත්, නොඑසේ නම් ඇමරිකාවේ එම මෘදුකාංගය තහනම් කෙරෙනු ඇති බවත්ය. මෙම මස 16 වැනිදා, TikTok මෘදුකාංගයට එරෙහිව ඇමරිකානු රජයේ බලහත්කාරී විකුණුම් නියෝගය තාවකාලිකව අත්හිටුවන ලෙස ඇමරිකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් හදිසි ඉල්ලීමක් කෙරිණ.

එම බලහත්කාරී විකිණීමේ නියෝගය ව්‍යවස්ථා විරෝධී ද යන්න පිළිබඳ කඩිනමින් සමාලෝචනය කරන බව ඇමරිකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය 18 වන දින ප්‍රකාශ කළේ ය.

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT