Home » සුපිරි නළු අල්ලු අර්ජුන්ගේ නිවසට ප්‍රහාරයක්

සුපිරි නළු අල්ලු අර්ජුන්ගේ නිවසට ප්‍රහාරයක්

by chanaka
December 23, 2024 11:54 am 0 comment

ජනප්‍රිය තෙළිගු නළු අල්ලු අර්ජුන්ගේ හයිද්‍රාභාත්හි පිහිටා ඇති නිවසට පිරිසක් විසින් ගල්, මුල් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

උස්මානියා විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංවිධානය විසින් මෙම ක්‍රියාවක් සිදු කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කළේය.

පුෂ්පා 02 චිත්‍රපටිය තිරගත වූ දිනයේ ඇති වූ තෙරපීමකින් රේවති නමැති කාන්තාවන් ජීවිතක්ෂයට පත් විය. ඇයගේ පුත්‍රයා බරපතළ තුවාල ලබා රෝහල් ගත කෙරුණු අතර මේ වනවිට ඔහුගේ මොළය අක්‍රීය වී ඇති බවට තොරතුරු වාර්තා විය.

මෙම සිද්ධියට විරෝධය පළ කරමින් සහ එම පවුලට කෝටියක වන්දියක් ලබා දෙන ලෙසට ඉල්ලා එම සිසුන් විසින් නළු අල්ලු අර්ජුන්ගේ නිවස ඉදිරිපිට විරෝධතාවක් නිරත වී තිබේ.

ඉන් අනතුරුව ඔවුන් නිවසේ තාප්පය මතට නැග නිවාස අලංකරණය සඳහා තිබූ මල් පෝච්චි විසි කර නිවසට ගල්වලින් පහරදී ඇති බව සඳහන්ය.

මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් හය දෙනෙකු අත්අඩංගුවට ගෙන හයිද්‍රාබාද් අධිකරණයට අද ඉදිරිපත් කිරීමෙන් පසු ඇප ලබා දී තිබේ. අල්ලු අර්ජුන්ගේ නිවසට හානි කිරීම සම්බන්ධයෙන් අදාළ සැකකරුවන්ට චෝදනා එල්ල විය. මෙම සිද්ධියේ දී විවිධ විරෝධතා සටන් පාඨ කියමින් පුද්ගලයින් තක්කාලි විසිකිරීම් සහ දේපළවලට හානි කිරීම් සිදු කර තිබුණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT