Home » එකම පවුලේ 10කට මරු කැදවූ ගුවන් යානා අනතුර

එකම පවුලේ 10කට මරු කැදවූ ගුවන් යානා අනතුර

by chanaka
December 23, 2024 11:40 am 0 comment

දකුණු බ්‍රසීලයේ ග්‍රාමාඩෝ නගරය‍ට පෞද්ගලික ගුවන් යානයක් කඩා වැටීමෙන් එකම පවුලේ දස දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන පුවතක් වාර්තාවේ.

අනතුරෙන් එම ප්‍රදේශයේ 17 දෙනෙකු ද තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

යානයේ නියමුවා, ඔහුගේ බිරිඳ හා දියණියන් තිදෙනා මෙන්ම, පවුලේ සාමාජිකයින් පිරිසක් මිය ගොස් මෙම අනතුරින් මිය ගොස් ඇත.

මිය ගිය ගුවන් නියමුවා වන ‘ලුයිස් කාඩියෝ ගාලියාසි’ එරට ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු ද වන බව සදහන් කෙරේ.

සාවෝ පොලෝ ප්‍රාන්තයේ ‘ජුන්ඩියායි’ වෙත ඔවුන් සංචාරයක් සඳහා යමින් සිටියදී මෙම අනතුර සිදුව තිබේ.

ගුවන් යානය කඩා වැටීමෙන් ගොඩනැගිල්ලක් හා නිවසක් ද වෙළෙඳසැලක් ද ගිනි ගෙන විනාශ වී ඇත.

තුවාල ලැබූවන් දෙදෙනෙකුගේ තත්වය බරපතල බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

අයහපත් කාලගුණික තත්වය අනතුරට හේතු වී ඇති බව, ‘රියෝ ග්‍රෑන්ඩ් ඩිසෝල්’ ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කර ඇත.

යානය අසල පිහිටි කැනෙලා නගරයෙන් ගුවන්ගත වී ටික වේලාවකට පසු කඩා වැටී ඇති අතර, ගෘහ භාණ්ඩ ගබඩාවක් මතට වැටීමට පෙර ගොඩනැගිල්ලක සහ පසුව නිවසක චිමිනියේ වැදී ඇති බව රියෝ ග්‍රෑන්ඩ් ඩෝ සුල් ප්‍රාන්ත ආරක්ෂක ලේකම් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT