Sunday, April 20, 2025
Home » පාකිස්තාන මිසයිල වැඩසටහනට අමෙරිකාවෙන් සම්බාධක

පාකිස්තාන මිසයිල වැඩසටහනට අමෙරිකාවෙන් සම්බාධක

by sachintha
December 23, 2024 1:35 am 0 comment

පාකිස්තානයේ දිගුදුර බැලස්ටික් මිසයිල වැඩසටහනට අදාළව නව සම්බාධක පනවන බව අමෙරිකාව ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පාකිස්තාන බැලස්ටික් මිසයිල වැඩසටහනට ආධාර සපයන එරට ජාතික සංවර්ධන සංකීර්ණය ඇතුළුව තවත් ආයතන 3කට එරෙහිව එම සම්බාධක පනවා ඇතැයි එරට රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශක මැතිව් මිලර් සඳහන් කළ බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

ඒ අනුව අදාළ ආයතන 4ට ඉදිරියේදී පාකිස්තාන බැලස්ටික් මිසයිල වැඩසටහන සමඟ සම්බන්ධතා පැවැත්වීම අමෙරිකාව තුළ එම ආයතන සතු සියලු වත්කම් රාජසන්තවීමේ අවදානමක් ඇතැයි රාජ්‍ය දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවූ බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

පාකිස්තාන බැලස්ටික් මිසයිල වැඩසටහන කලාපීය සාමයට සහ ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බව සඳහන් කරමින් අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ගත් එම තීරණය පාකිස්තානයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ කනස්සල්ලට හේතු වී ඇතැයි ද, එය සිය කලාපයේ උපායමාර්ගික ස්ථාවරත්වයට කළ බලපෑමක් බව නිවේදනයක් නිකුත් කරමින් පාකිස්තාන විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT