Home » ජර්මනියේ නත්තල් පොළට මෝටර් රථයක් කඩා වැදී ජීවිත 5ක් බිල්ලට ගනී

ජර්මනියේ නත්තල් පොළට මෝටර් රථයක් කඩා වැදී ජීවිත 5ක් බිල්ලට ගනී

by sachintha
December 23, 2024 1:30 am 0 comment

ජර්මනියේ මග්දබර්ග් නුවර නත්තල් පොළකට මෝටර් රථයක් කඩා වැදීමෙන් පුද්ගලයන් 5 දෙනකු ජීවිතක්ෂයට පත්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එම අනතුර සිදුවී ඇත්තේ එරට සැක්සෝනි අන්හෝල්ට් ප්‍රාන්තයේ අගනුවර වන මග්දබර්ග් නගරයේ නත්තල් උත්සවය නිමිත්තෙන් පැවැති වෙළෙඳපොළකදී බවත්, පසුව පොලිසියට යටත් වූ අනතුර සිදු කළ පුද්ගලයා මේ වන විට අත්අඩංගුවේ පසුවන බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

9 හැවිරිදි පිරිමි දරුවකු සහ කාන්තාවන් සිව්දෙනකු එම අනතුරෙන් ජීවිතක්ෂයට පත්වී ඇති අතර, තවත් පුද්ගලයන් 200කට වැඩි පිරිසක් තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළේය. අනතුර සිදු කළ පුද්ගලයා 50 හැවිරිදි සෞදි අරාබි වෛද්‍යවරයකු වන අතර, වසර 2006 දී ජර්මනියට පැමිණ එහි සේවය කරමින් සිටි බව ද වාර්තා වේ.

එය හදිසි අනතුරක් නොව සෞදි අරාබියේ සිට පැමිණෙන සංක්‍රමණිකයන්ට ජර්මානු බලධාරින් විසින් අඩු සැලකිලි දැක්වීමට එරෙහිව ඔහු විසින් චේතාන්විතව සිදු කළ ක්‍රියාවක් බව මූලික විමර්ශනයේදී හෙළි වී ඇතැයි ද වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT