Saturday, April 19, 2025
Home » ධීවර ප්‍රජාවට කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

ධීවර ප්‍රජාවට කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

by chanaka
December 22, 2024 2:01 pm 0 comment

ප්‍රදේශ කිහිපයක ගැඹුරු මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව කටයුතු කරන බහුදින යාත්‍රා සඳහා අවවාදාත්මක නිවේදනයක් නිකුත් කිරීමට කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ බටහිර, මධ්‍යම, බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව සුළඟේ වේගය ක්ෂණිකව පැ.කි.මී 55-60 පමණ ඉහළ යාමට ඉඩ ඇති බවයි.

මේ හේතුවෙන් එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි බවත් එම මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් එහි දක්වා ඇත.

තවද ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් වන ගැඹුරු මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව සුළඟේ වේගය ක්ෂණිකව පැ.කි.මී (55-60) දක්වා ඉහළ යාමට ඉඩ ඇති බැවින් එම මුහුදු ප්‍රදේශවල විටින් විට රළු හෝ ඉතා රළු විය හැකි බවත් එම දෙපාර්තමේන්තුව එම නිවේදනය මගින් පෙන්වා දෙයි.

මේ හේතුවෙන් එම මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව ධීවර සහ නාවුක කටයුතුවල යෙදෙන ප්‍රජාව මේ පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT