Saturday, April 19, 2025
Home » කිරිඳිවැල ඝාතනයක්

කිරිඳිවැල ඝාතනයක්

by chanaka
December 22, 2024 9:36 am 0 comment

කිරිඳිවැල, වල්ගම්මුල්ල ප්‍රදේශයේ පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබේ.

ඊයේ (21) සවස් කාලයේ එම ඝාතනය සිදුකර ඇති බව පොලීසිය සඳහන් කරයි.

මෙලෙස මියගොස් ඇත්තේ, තිඹිරිගම, කිරිඳිවැල ප්‍රදේශයේ පදිංචිව සිටි 42 හැවිරිදි පුද්ගලයෙකි.

එම ඝාතනයට ලක්වූ පුද්ගලයා විසින් බදු පදනම මත ලබා ගත් ඉඩමේ සිටි මුරකරු විසින් එම ඝාතනය සිදුකර ඇති බව පොලීසිය සැකපළ කරයි.

සැකකරු ඝාතනය සිදුකර මරණකරුගේ යතුරු පැදිය ද රැගෙන පළා ගොස් තිබේ.

ඝාතනය කිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා කිරිඳිවැල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT