අල්-ඛයිඩා ත්‍රස්තයන් ඇමෙරිකාවට එල්ල කළ මාරාන්තික ‘9/11 ප්‍රහාරය’ සිහිපත් කරමින් යුක්රේන ඩ්‍රෝන යානයක් සෙනසුරාදා රුසියාවේ කසාන් නගරයේ උස් ගොඩනැගිල්ලක ගැටුණේය.
යානය ‘ස්වයං පාලිත’ එකක් වුවද එය සිහිගැන්වූයේ මරාගෙන මැරෙන ප්‍රහාරයකි.
අන්තර්ජාලය ඔස්සේ හුවමාරු වූ වීඩියෝවල දැක්වෙන්නේ ගුවන් යානයක් වැනි ඩ්‍රෝන් යානය උස් ගොඩනැගිල්ලේ ඉහළ මහලක ගැටෙන අතර, එමඟින් විශාල පිපිරීමක් සිදුවන ආකාරයයි.
මෙම ප්‍රහාරයෙන් කීදෙනෙක් මිය ගොස් හෝ තුවාල ලබා ඇත්ද යන්න මෙතෙක් අපැහැදිලි බව Xinhua පුවත් ඒජන්සිය වාර්තා කර ඇත.
මෙම යුක්රේන ඩ්‍රෝන් ප්‍රහාරවලින් පසු රුසියාවේ කසාන් හි හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළේය.
රුසියානු සමාජ මාධ්‍ය ජාලවල පළ කරන ලද වීඩියෝවල දැක්වෙන්නේ ඩ්‍රෝන යානා උස් ගොඩනැගිල්ලකට වැදී ගිනි බෝල පත්තු කරන ආකාරයේ දර්ශනයි. රුසියානු විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකා මාරියා සකාරෝවා පැවසුවේ ඩ්‍රෝන යානා දෙකක් තට්ටු 37ක මහල් නිවාසයකට වැදී ඇති බවයි.
රුසියානු-යුක්රේන ගැටුම දිග්ගැස්සෙන විට, උපක්‍රම වෙනස් වී ඇති අතර, ඩ්‍රෝන යානා දෙපාර්ශවයේම ප්‍රහාරවල ප්‍රධාන අංගයක් බවට පත්වෙමින් තිබේ.