හෙට සිට උත්සව සමය අවසන් වන තුරු මගී ප්‍රවාහන බස් රථ ඇතුළු සියලු වාහන පරීක්ෂා කිරීමට පොලීසිය තීරණය කර තිබෙයි
නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මූලස්ථානය සඳහන් කළේ පැය 24 පුරා අවරණය වන පරිදි දීප ව්‍යාප්තව එම විශේෂ මෙහෙයුම ක්‍රියාත්මක කරන බවයි.
මෙහිදී ප්‍රධාන වශයෙන් පොදු මගී ප්‍රවාහන බස් රථ පරීක්ෂා කිරීම සිදුකෙරෙන අතර, එම බස් රථවල රියදුරන්, මත්පැන් පානය කර හෝ වෙනත් මත්ද්‍රව්‍ය භාවිතා කර රිය ධාවනය සිදු කරන්නේද යන්න විශේෂයෙන් සොයා බැලීම සිදුකරනු ලබයි.
එමෙන්ම බස් රථ අපරීක්ෂාකාරි හා අන්තරාදායක ලෙස ධාවනය, අධික වේගයෙන් රිය ධාවනය, මාර්ග නීති උල්ලංඝනය කරමින් ධාවනය, ධාවනයට නුසුදුසු තත්ත්වයේ ටයර් හෝ වෙනත් දෝෂ සහිතව ධාවනය කිරීම සම්බන්ධයෙන් ද පරීක්ෂා කර බලා එම රියදුරන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව එම නිවේදනයේ සඳහන්වේ.
මෙම විශේෂ මෙහෙයුම ක්‍රියාත්මක වන කාලසීමාව තුල අපරීක්ෂාකාරී හා නොසැලකිලිමත් ලෙස හෝ මාර්ග නීති උල්ලංඝනය කරමින් ධාවනයේ යෙදෙන බස් රථ ඇතුළු රථ වාහන සම්බන්ධයෙන් 119 හා 1997 යන කෙටි දුරකථන අංකවලට තොරතුරු ලබා දීමට මහජනතාවට හැකියාව පවතී.
Media on 2024.12.22 at 1700 මගී ප්_රවාහන බස් රථ පරික්ෂා කිරීමේ විශේෂ මෙහෙයුම