Home » ගෙවී ගිය දින 10 දී වී කිලෝ කෝටියක් සහල් කර වෙළෙදපලට නිකුත් කරයි

ගෙවී ගිය දින 10 දී වී කිලෝ කෝටියක් සහල් කර වෙළෙදපලට නිකුත් කරයි

by chanaka
December 22, 2024 2:20 pm 0 comment

ගත වූ දින 10 තුළ වී කිලෝ කෝටියකට ආසන්න ප්‍රමාණයක් සහල් බවට පත් කර මෙරට වී මෝල්වලින් වෙළඳපොළට නිකුත් කර ඇති බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතා සහ සමූපාකාර අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා කියා සිටියි.

අමාත්‍යවරයා පැවසුවේ ජනවාරි 15 වැනිදාට පෙර ආනයනික සහල් මෙරටට ගෙන්වීමට බලාපොරෙත්තු වන බවයි.

රජයේ සංඛ්‍යා දත්තවලට අනුව සහල් මෙට්‍රික් ටොන් 70,000 ක පමණ හිඟයක් පැවතිය ද මෙරටට සහල් ආනයනය කිරීම තුළින් එම හිඟය ක්‍රමයෙන් අඩුවෙමින් පවතින බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතා සහ සමූපාකාර අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතර පසුගිය 04 වැනිදා සිට 21 වැනිදා මධ්‍යම රාත්‍රිය දක්වා කාලය තුළ දිවයිනට සහල් මෙට්‍රික් ටොන් 67,000 ක් ලැබී තිබේ. ඒ අනුව එම සහල් තොගයට ආනයන බදු ලෙස රුපියල් බිලියන හතරයි දශම තුනක පමණ මුදලක් අය කරගෙන ඇති බවද රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT