Saturday, April 19, 2025
Home » නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සදහා ශ්‍රී ලංකාවට ADB සහයෝගය

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සදහා ශ්‍රී ලංකාවට ADB සහයෝගය

by chanaka
December 22, 2024 2:04 pm 0 comment

ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) ශ්‍රී ලංකා නේවාසික දූත මණ්ඩලයේ දේශීය අධ්‍යක්ෂ Takafumi Kadono මහතා අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අද(22) හමුවිය.

මෙරට සංවර්ධන ක්‍රියාවලියේ ප්‍රධාන හවුල්කරුවෙකු ලෙස ADB හි කාර්යභාරය මෙම සාකච්ඡාවේදී යළිත් අවධාරණය කෙරුණු අතර ශ්‍රී ලංකාවේ ජාතික සංවර්ධන ප්‍රමුඛතාවක් ලෙස නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිලිබඳව වැඩි අවධානයක් යොමුවිය.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සාර්ථකව ක්‍රියාත්මක කිරීම සහතික කිරීම සඳහා පාසල් යටිතල පහසුකම්, ගුරු-විදුහල්පති පුහුණුව සහ ඇගයීම් යාන්ත්‍රණ සංවර්ධනය කිරීමේ වැදගත්කම මෙම සාකච්ඡාවේදී අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළාය.

අඛණ්ඩ ව්‍යාපෘති හරහා අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඇති අභියෝගවලට විසඳුම් සෙවීමට සිය දායකත්වය ලබාදීම පිළිබඳව ADB නියෝජිතයින් වැඩිදුරටත් සාකච්ඡා කළහ.

අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, අධ්‍යාපන, උසස් අධ්‍යාපන, සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සාගරිකා බෝගහවත්ත, ආසියානු සංවර්ධන බැංකුවේ මෙරට අධ්‍යක්ෂ ජනරාල් සමන්ත බණ්ඩාර, ආසියානු සංවර්ධන බැංකු අංශයේ වැඩබලන අධ්‍යක්ෂ රංජිත් ගරුසිංහ, මුදල් අමාත්‍යාංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ ADB අංශයේ සහකාර අධ්‍යක්ෂ ධනංජි අමරසිංහ, විදේශ කටයුතු අමාත්‍යාංශයයේ ආර්ථික කටයුතු අධ්‍යක්ෂ ලෂිංකා දම්මුල්ලගේ යන මහත්ම මහත්මීන්ද මෙම අවස්ථාවට එක් විය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT