Wednesday, April 23, 2025
Home » වසරේ ගතවූ කාලය තුළ වෙඩි තැබීම්වලින් 60 ක් මරුට

වසරේ ගතවූ කාලය තුළ වෙඩි තැබීම්වලින් 60 ක් මරුට

by chanaka
December 21, 2024 8:18 am 0 comment

shoot Gun

මේ වසරේ ගතවූ කාලය තුල සිදුවූ වෙඩි තැබීම්වලින් පුද්ගලයින් 60 දෙනෙකු මියගොස් ඇතැයි වාර්තා වේ.

පොලිස් මාධ්‍ය ඒකකය පැවසුවේ, පුද්ගලයින් 44 දනෙකු තුවාල ලබා ඇත බවයි.

මේ වසරේ ගතවූ කාලය තුළ වාර්තාවී ඇති වෙඩි තැබීමේ සිද්ධීන් ගණන 98 කි.

ආසන්නතම සිදුවීම වාර්තා වුණේ, ඊයේ (20) ගාල්ල දඩල්ල ප්‍රදේශයෙනි.

ගාල්ල දඩල්ල ප්‍රදේශයේ වෙඩි තැබීමකින් 38 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් 34 හැවිරිදි ඔහුගේ බිරිඳ තුවාල ලැබීය.

මේ අතර එළැඹෙන උත්සව සමයේ ආරක්ෂක රාජකාරි සඳහා පොලිස් නිලධාරීන් 40,000කට අධික සංඛ්‍යාවක් යෙදවීමට කටයුතු කරන බව පොලිසිය සඳහන් කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT