Monday, April 21, 2025
Home » කාන්තාවන්ගේ භාවමය-බුද්ධිමය හැකියාව ශාසනයේ ප්‍රවර්ධනයට උපකාරයක්

කාන්තාවන්ගේ භාවමය-බුද්ධිමය හැකියාව ශාසනයේ ප්‍රවර්ධනයට උපකාරයක්

'සඟමිත් හරසර 2024' වැඩමුළුවේදී මහාචාර්ය මිරිස්වත්තේ විමලඥාන හිමියෝ කියති

by mahesh
December 20, 2024 1:00 am 0 comment

කුරුණෑගල අතිරේක - පුෂ්පකුමාර ජයරත්න

සඟමිත් තෙරණින් වහන්සේගේ ගුණ සැමරීම සඳහා පස්වන වරටත් සංවිධනය කරන ලද ‘සඟමිත් හරසර 2024’ භික්ෂුණී පුහුණු වැඩමුළුව වයඹ පළාත් සභා ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.

මෙම පුහුණු වැඩමුළුවේ ප්‍රධාන ආරාධිත දේශනය ‘අද දවසේ සසුන් කෙතේ මෙහෙණි පුනරුදයේ කාර්යභාරයÓ යන මැයෙන් මහාචාර්ය මිරිස්වත්තේ විමලඥාන හිමියන් විසින් පැවැත්වූහ.

උන්වහන්සේ එහිදී මෙසේද කීහ.

“බුදු සසුනේ පැවැත්ම සඳහා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා යන සිවුවනක් පිරිසම සිටිය යුතු බව බුදුන් වහන්සේ දේශනා කරනු ලැබුවේ භික්ෂුණීන් වහනසේගේ අවශ්‍යතාව නිසයි. විද්‍යාත්මකව කාන්තාවන් සතු භාවමය බුද්ධිමය හැකියාව ශාසනයේ ප්‍රවර්ධනය සඳහා උපකාර වන අතර, අද වන විට දස සිල් මාතාවන්ගේ සහ මෙහෙණින් වහන්සේලාගේ වැඩිවීමක් සිදුව ඇති බව පෙනෙන්නට තිබෙනවා. එසේම හැම ගමකම භික්ෂුණී ආරාම පිහිටුවා ඇතත් ඒවා ඉතාම නොදියුණු මට්ටමක පවතින බව දැකගන්න පුළුවන්. භික්ෂූන් වහන්සේ අඩු ගම් පළාත්වල මෙහෙණින් වහන්සේ පාංශුකූල සහ දානමය කටයුතු සඳහා සහභාගී වීමෙන් සහ විශේෂයෙන්ම පුද්ගලයන්ගේ ප්‍රශ්නවලට සවන් දී ඒවා විසඳීමට වැඩි වශයෙන් මැදිහත් වන බවත් වාර්තා වෙනවා.Ó

මෙහිදී භික්ෂුණීන් වහන්සේලා පෙරහරකින් කුරුණෑගල නගරයේ සිට වයඹ පළාත් සභාවේ ශ්‍රවණාගාරය වෙත වැඩම කළහ. බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව, කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා වයඹ පළාත් සභාව එක්ව උඳුවප් පොහොය නිමිති කරගෙන පවත්වන ලද මෙම වැඩසටහනට කුරුණෑගල දිස්ත්‍රික් ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේඛකාධිකාරී වඩුගෙදර සාරානන්ද හිමියන්, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෞද්ධ කටයුතු සමායෝජක රාගම සුගතානන්ද හිමියන්, දස සිල් මාතාවන් සහ භික්ෂුණීන් වහන්සේ 200 නමක්, වයඹ පළාත් ආණ්ඩුකාරවර තිස්ස කුමාරසිරි වර්ණසූරිය, කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න, ළමා හා කාන්තා කටයුතු නියෝජ්‍ය ඇමැති නාමල් සුදර්ශන, කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා හේරත්, වයඹ පළාත් සභාවේ ප්‍රධාන ලේකම් දීපිකා ගුණරත්න යන මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය නිලධාරින් රැසක් ද එක්ව සිටියහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT