බස්නාහිර පළාත් පාලන දෙපාර්තමේන්තුව සංවිධාන කළ 2024 කාර්යසාධන තරගාවලියේ කළුතර දිස්ත්‍රික්කයේ ආයුර්වේද අතර ප්‍රථම ස්ථානය දිනා ගැනීමට මදුරාවල ප්‍රාදේශීය සභාවට අයත් රෙමුණ ආයුර්වේද මධ්‍යස්ථානයට හැකි විය.
කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සම්මාන උත්සවය පැවැත්වූ අතර, මදුරාවල ප්‍රාදේශීය සභා රෙමුණ ආයුර්වේද මධ්‍යස්ථානයට හිමිවූ සම්මානය ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් මහතා අතින් මදුරාවල ප්‍රාදේශීය සභාවේ ලේකම් අනුලා ප්‍රසංගිකා මහත්මිය සහ රෙමුණ ආයුර්වේද මධ්‍යස්ථානයේ ආයුර්වේද වෛද්‍ය අනුරාධා ආරියරත්න මහත්මිය ලබාගත් අවස්ථාව ඡායාරූපයේ දැක්වේ. බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් ධම්මිකා ජයසිංහ මහත්මිය ද ඊට එක්වූවාය.