Monday, April 21, 2025
Home » ජනපති ඉන්දීය බලපෑම්වලට යටත් නොවනු ඇතැයි බලාපොරොත්තු වෙනවා

ජනපති ඉන්දීය බලපෑම්වලට යටත් නොවනු ඇතැයි බලාපොරොත්තු වෙනවා

සර්වජන බලයේ උප සභාපතිනි අනුරාධා යහම්පත්

by mahesh
December 20, 2024 1:00 am 0 comment

නුවන් කොඩිකාර

ඉන්දියාවේ බලපෑම්වලට යටත් නොවී රටේ ස්වාධීනත්වය ආරක්ෂා කරගනිමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වන බව සර්වජන බලයේ උප සභාපති අනුරාධා යහම්පත් මහත්මිය පැවැසූවාය.

ඇය මේ බව පැවැසුවේ කොළඹ සර්වජන බලය මූලස්ථානයේ පෙරේදා (18) පැවැති මාධ්‍ය හමුවකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇය මෙලෙස ද කීවාය.

“ඉන්දියාවෙන් මෙරටට එල්ල වන බලපෑම සම්බන්ධයෙන් බලය නැති අවධියේ නම් ජනතා විමුක්ති පෙරමුණ සහ ජාතික ජන බලවේගය නිරන්තරයෙන් කතා කළා. ඉන්දියාව සමඟ ශ්‍රී ලංකාව ඇති කරගැනීමට යන ගිවිසුම්වලට දැඩි විරෝධයක් එල්ල කළා.

එට්කා ගිවිසුම ගේන්න හදද්දී ඒක එපා කියලා මුලින්ම පාරට ආවේ වර්තමාන ආණ්ඩුව. ඔවුන් තමයි ඒ වෙනුවෙන් වැඩියෙන්ම සටන් කළේ. අපි කියන්නේ නෑ, ඔවුන් දැන් කරන්න හදන්නේ ඒක ගේන්න කියලා. නමුත් එය කරන්න කලින් අපි කියන්නේ. හිටපු කිසිම රාජ්‍ය නායකයෙක් දහතුන්වැනි සංශෝධනය ගෙනාවේ නෑ. ඔවුන් දන්නවා, එය ගෙනාවොත් වෙන දේ. මේ ආණ්ඩුවත් එහෙම කරයි කියලා අපි හිතනවා. අපි කියන්නේ ඉන්දියාව එක්ක සමීප සම්බන්ධතාවක් පවත්වන එක ඉතාම හොඳයි. හැබැයි ඉන්දියාවට ඕන විදියට මේ රට ගෙන යන්න බෑ.”

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT