Home » පළාත් පාලන මැතිවරණය සිංහල අලුත් අවුරුද්දට පෙර – ජනපති කියයි

පළාත් පාලන මැතිවරණය සිංහල අලුත් අවුරුද්දට පෙර – ජනපති කියයි

by chanaka
December 20, 2024 8:18 pm 0 comment

එළඹෙන සිංහල අලුත් අවුරුද්දට පෙර පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නියමිත බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

මල්වතු හා අස්ගිරි මහා නා හිමිපාණන් වහන්සේලා බැහැ දැක ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව අද (20) පස්වරුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය.

පළාත් පාලන මැතිවරණය සඳහා වූ නාමයෝජනා නැවත කැඳවීමට අදාළ පනත මේ වනවිට සකස් කර ඇති බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

“පළාත් පාලන මාතිවරණය 2023 මාර්තු මාසයේ පැවැත්වීමට නාමයෝජනා කැඳවුවා. නමුත් ඒ වෙලාවේ හිටපු පක්ෂත් අද නෑ. සමහර සන්ධාන කැඩිලා. ඒ නිසා ඒ නාමයෝජනා කැන්සල් කරලා අලුත් නාමයෝජනා කැඳවිය යුතු බව අපි හිතනවා. ඒ නිසා අපි පසුගිය දා කැබිනට් මණ්ඩලය තීරණයක් අරන් දැනට නාමයෝජනා කැන්සල් කිරීමට අදාළ පනත සකස් කරලා තියෙන්නේ. ඒක ජනවාරියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. ඊට පස්සේ නැවත නාමයෝජනා කැඳවලා අපි පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අවුරුද්දට කලින් කටයුතු සුදානම් කරනවා.” එහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT