Monday, April 21, 2025
Home » මත් ජාලයක මෙහෙයුම්කරු අත්අඩංගුවට
ලක්ෂ 90ක හෙරොයින් එක්ක

මත් ජාලයක මෙහෙයුම්කරු අත්අඩංගුවට

by mahesh
December 20, 2024 1:00 am 0 comment

බණ්ඩාරගම - බිමල් ජයසිංහ, කළුතර මධ්‍යම විශේෂ

රුපියල් ලක්ෂ 90කට ආසන්න වටිනා හෙරොයින් මත්කුඩු තොගයක් සමඟ විදෙස්ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවකුගේ සමීපතමයකු මොරගහහේන කුඩාඋඩුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පැවසීය.එම සැකකරු සමඟ හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 840ක් මෙන්ම ව්‍යාජව සකස් කළ වාහන අංක තහඩු 4ක් පොලිස් භාරයට ගෙන ඇත.

පොලිස් විශේෂ කාර්ය බළකා විශේෂ මෙහෙයුම් ඒකකයට ලද තොරතුරකට අනුව අත්අඩංගුවට ගත් සැකකරු සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනයේදී ඔහු ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු හා සංවිධානාත්මක අපරාධකරුවකුගේ මත්ද්‍රව්‍ය ජාලය මෙරට සිට මෙහෙයවන පුද්ගලයකු බවට අනාවරණය කරගෙන තිබේ.

සැකකරු රැඳී සිටි ස්ථානයේ වැඩිදුරටත් සිදු කළ විමර්ශනයේදී වාහන අංක තහඩු 4ක් සොයාගත් අතර, එම වාහන අංක තහඩුවලට අදාළ වාහන නොමැති බවට හා එම අංක තහඩුව වෙනත් වාහනයකට සවිකර කූට් ලෙස කල්බදු ණය පහසුකම් ලබාගෙන ඇති බවටත් අනාවරණය වුණු බව පොලීසිය කීය. අත්අඩංගුවට ගත් සැකකරු බුත්තල ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි පුද්ගලයෙකි. සැකකරු වැඩිදුර විමර්ශන සඳහා මොරගහහේන පොලීසිය වෙත භාර දී ඇත. පොලිස් විශේෂ කාර්ය බළකා අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් මත විමර්ශන සිදු කෙරේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT