බෙන්තොට රජයේ රෝහලේ හදිසි ප්‍රතිකාර අංශයේ තිබූ රුපියල් දෙලක්ෂ විසිපන්දාහක් පමණ වටිනා ECG යන්ත්‍රය සොරුන් විසින් ගෙන ගොස් ඇතැයි රෝහලේ හදිසි අනතුරු අංශය භාරව සිටි හෙද නිලධාරිනිය බෙන්තොට පොලීසියට ඊයේ (19) පැමිණිලි කර ඇත.
පෙරේදා (18) රාත්‍රී අටට පමණ මෙම යන්ත්‍රයෙන් රෝගියකු පරීක්ෂා කිරීමෙන් පසු අලුයම් කාලය වන විට ECG යන්ත්‍රය සොරකම් කර ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම රෝහලේ ආරක්ෂක නිලධාරීන් හෝ මුරකරුවන් නැති අතර රෝහලේ ප්‍රධාන දොරටුව අගුළු දමා වසා තිබියදී මෙම සොරකම සිදු වී ඇති බව පොලීසිය කියයි.
සොරකම සම්බන්ධයෙන් ඇඟිලි සලකුණු සටහන් වාර්තා ලබාගන්නාතෙක් හදිසි ප්‍රතිකාර අංශය තාවකාලිකව වසා තබා ඇති බව පොලීසිය පැවසීය.
බෙන්තොට පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක තුෂාර කාරියවසම්, අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ධනංජය රාජපක්ෂ යන මහත්වරුන් ඇතුළු පොලිස් නිලධාරීහු පිරිසක් සිද්ධිය පිළිබඳ විමර්ශන සිදුකරති.