Monday, April 21, 2025
Home » පුංචි ඡන්දය නැතත් කෝටි 65ක් වැය කරලා

පුංචි ඡන්දය නැතත් කෝටි 65ක් වැය කරලා

විගණන වාර්තාවක් කියයි

by mahesh
December 20, 2024 1:00 am 0 comment

රන්මලී සෝමසිරි

තවමත් පැවැත්වීමට නොහැකි වූ පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් මේ වන විට රුපියල් කෝටි 65.5ක (655,096,226) මුදලක් වැය කර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක දැක්වෙයි.

පළාත් පාලන ආයතනවල ධුර කාලය 2023 මාර්තු 19 වැනි දිනෙන් අවසන් වූ අතර අදාළ නාමයෝජනා දැන්වීම 2023 ජනවාරි හතර වැනිදා මැතිවරණ කොමිසම මඟින් ප්‍රදර්ශනය කර තිබිණි. පසුව ඡන්ද විමසීම පැවැත්වෙන දිනයන් හා ඒවා අවලංගුවීම්වලට අදාළ ගැසට් පත්‍ර තුනක් නිකුත් කර තිබිණි.

මේ වන තෙක් පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාවට නොහැකි වුව ද මැතිවරණ වියදම් ලෙස මෙලෙස රුපියල් 655,096,226ක් වැය කර ඇතැයි ද 2003 සැප්තැම්බර් 30 වැනි දිනට තවත් රුපියල් 15,933,472ක් තවදුරටත් ගෙවිය යුතු වියදම් ලෙස පැවතුණු බවත් එම වාර්තාවේ දැක්වේ.

මැතිවරණ වියදමින් සියයට 15ක් අතිකාල හා නිවාඩු දින වැටුප් සඳහා ද සියයට 23 ලිපි ද්‍රව්‍ය මිලදී ගැනීමට ද සියයට 7 ඉන්ධන සඳහා ද සියයට 31 මුද්‍රණ කටයුතු සඳහා ද සියයට 7ක් සංග්‍රහ කටයුතු සඳහා ද සියයට 4 පොලිස් දෙපාර්තමේන්තුවේ වියදම් වෙනුවෙන් සහ සියයට 13ක් අනෙකුත් වියදම් සඳහා ද වැය කර තිබුණු බව එහි වැඩිදුරටත් සඳහන් වෙයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT