Home » බිරියට පොරවෙන් කොටා මැරූ සැමියා පෝරකයට

බිරියට පොරවෙන් කොටා මැරූ සැමියා පෝරකයට

by mahesh
December 20, 2024 1:00 am 0 comment

රත්නපුර විශේෂ එන්. පී. රාජදොරේ

වසර 5කට පෙර සිය විවාහක බිරියට පොරොවෙන් කොටා ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරු වූ සැමියකුට රත්නපුර මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙණෙවිය පෙරේදා 18 දා මරණීය දණ්ඩනය නියම කළාය.

මෙසේ මරණ දඬුවම් නියම කරන ලද්දේ පැල්මඬුල්ල, කැටකෙටිය වත්තේ පදිංචි කදිරවේල් මුත්තයියා සුවනේන්ද්‍ර රාජා නැමැත්තකුටය.

වර්ෂ 2019 මැයි 30 වන දින හෝ ඊට ආසන්න දිනයකදී රත්නපුර පළාත්බද මහාධිකරණ කලාපයට අයත් පැල්මඬුල්ල, කැටකෙටිය වත්තේ පදිංචි මාරිමුත්තු තමිල් සෙල්වි යන අයට පොරොවෙන් කොටා ඝාතනය කරන ලදැයි විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා චෝදනා නගා තිබුණි.

මරණ දඬුවම් නියම කිරීමට පෙර විවෘත අධිකරණයේ සිටි විත්තිකරු ඇමතූ අධිකරණය පැමිණිල්ලේ සාක්‍ෂි මඟින් විත්තිකරු ඔහුගේ බිරියගේ හිසේ තුන්පළකට කෙටීමෙන් සිදුවූ බරපතළ තුවාල හේතුවෙන් සිදුවූ මරණයක් බවට සාධාරණ සැකයෙන් තොරව ඔප්පු වන බව කියා සිටියේය.

මෙම නඩුව සඳහා පැමිණිල්ලේ සාක්‍ෂිකරුවන් 13 දෙනකු ඉදිරිපත් කර තිබුණි.

රජයේ නීතිඥ සුපුන් රණසිංහ මහතා පැමිණිල්ල මෙහෙය වීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT