විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් බවට අඟවමින් නිෙවසකට ඇතුළු වී එහි සිටි පුද්ගලයන්ට හිරිහැර කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ගොතටුව පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගත් සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පස් දෙනකු රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා ඊයේ (19) නියෝග කළේය.
සුරාබදු දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු පතිරණගේ ඉරේෂ්, ගයාන් මනෝජ්, දොන් ඉන්දික, පී. වීරසිංහ, සුජිත් ප්‍රසාද් යන නිලධාරින් ඇප මත මුදාහැරීමට නියෝග කෙරිණි.
ගොතටුව, මාදින්නාගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු විසින් ගොතටුව පොලීසියට කරන ලද පැමිණිල්ලක් අනුව ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය කළේය.
තම නිෙවසට ඉකුත් 11 වන දින සුරාබදු නිලධාරීන් පැමිණ පහර දුන් අතර එම පහර දීම වීඩියෝගත කිරීමේදී තම බිරියගේ ඇඳුම ඉරා දමා ජංගම දුරකතනය රැගෙන වීඩියෝ දර්ශන මකා දැමූ බවත් තමන්ගේ දරුවා තල්ලු කර දැමූ බවත් පැමිණිලිකරු සඳහන් කළ බව ගොතටුව පොලීසිය අධිකරණයට කරුණු දැක්වීය. සිද්ධියට අදාළ මාස 11ක් වයසැති මෙම දරුවා සහ නිෙවසේ සිටි තවත් දෙදෙනකු පහරකෑමට ලක්වීම නිසා රෝහල්ගත කළ බව පැමිණිලිකරු සඳහන් කළ බව පොලීසිය අධිකරණයට දැනුම් දුන්නේය.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට පරීක්ෂණ කටයුතු ගොතටුව පොලීසිය විසින් සිදු කරමින් සිටින අතරතුර සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අට දෙනකු පොලීසිය වෙත පැමිණ භාර වූ බවත් ඉන් තිදෙකුගේ ප්‍රකාශ සටහන් කරගෙන මුදා හැරි බවද පොලීසිය අධිකරණයට දැනුම් දුන්නේය.
සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා සඳහන් කරනු ලැබුවේ, සිද්ධියට අදාළ මෙම සුරාබදු නිලධාරීන් ඉකුත් 11 වන දින නීත්‍යනුකූලව කරන ලද වැටලීමක් සඳහා මෙම නිෙවසට ගිය අවස්ථාවේදී නිවෙස් හිමියන් ප්‍රචණ්ඩකාරී ලෙස මෙලෙස ක්‍රියාකර ඇති බවය.
මෙම සිද්ධියට අදාළව සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරියකු විසින් මෙම ගැටුම ඇති වූ අවස්ථාවේදී කරන ලද වීඩියෝ දර්ශනයක් ද අධිකරණයට පෙන්වනු ලැබීය.
ඒ අනුව දෙපාර්ශ්වයේම කරුණු සලකා බැලූ අධිකරණය මෙම සිද්ධියට අදාළ සැකකරුවන් ඇප මත මුදා හැරීමට නියෝග කළේය.