Home » උත්සව සමයේ ආරක්ෂාවට පොලිසියේ 7100ක්

උත්සව සමයේ ආරක්ෂාවට පොලිසියේ 7100ක්

by mahesh
December 20, 2024 1:00 am 0 comment

රක්ෂණ ශ්‍රියන්ත

එළඹෙන උත්සව සමයේ ජනතාවගේ ආරක්ෂාව සඳහා කාන්තා සහ අනෙකුත් පොලිස් නිලධාරීන් 7100ක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිවේදී බුද්ධික මනතුංග මහතා (දිනමිණ) ට පැවසීය.

යොදවා ඇති පොලිස් නිලධාරීන් අතර කාන්තා සහ අනෙකුත් නිලධාරීන් සිවිල් ඇඳුමෙන් සැරසී සිටින බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය. සිවිල් ඇඳුමෙන් සැරසී සිටින නිලධාරීන් සෑම විටම ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටින අතර යම් වංචාවක් හෝ අකටයුත්තක් සිදුවුවහොත් ඒ වෙනුවෙන් ක්ෂණිකව ප්‍රතිචාර දක්වන බවද ඒ මහතා කියා සිටියේය.

මෙයට අමතරව රථවාහන ආරක්ෂාව සඳහා අංශභාර පොලිස් නිලධාරීන් 571ක් යොදවා ජනතාවගේ රථවාහන නැවැත්වීමේ සහ අනෙකුත් ගැටලු විසඳීමට යොදවා ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ‘දිනමිණ’ට පැවසීය.

කොළඹ ප්‍රදේශයට පමණක් නොව අනෙකුත් ප්‍රදේශයන්හිද මෙවැනි ආරක්ෂාවක් ජනතාවගේ පහසුකම් සඳහා සලසා ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ‘දිනමිණ’ට පැවසීය.

තමන් සතු සියලු රාජකාරී කටයුතු කරන්නේදැයි විමසීම සඳහා සහ අධීක්ෂණය සඳහා ඉහළ පොලිස් නිලධාරින් හතළිස් අට දෙනකුද මේ සඳහා යොදවා ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ‘දිනමිණ’ට පැවසීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT