Sunday, April 20, 2025
Home » ආසියානු සංවර්ධන බැංකුවෙන් ලංවිමට කෝටි 4400ක්

ආසියානු සංවර්ධන බැංකුවෙන් ලංවිමට කෝටි 4400ක්

by mahesh
December 20, 2024 1:00 am 0 comment

මහින්ද අලුත්ගෙදර

විදුලිබල පද්ධතියේ ස්ථායීතාව වැඩිදියුණු කිරීම සඳහා අත්‍යවශ්‍ය ව්‍යාපෘති කිහිපයක් ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් රුපියල් කෝටි 4,400ක (අමෙරිකානු ඩොලර් මිලියන 150ක) ණය මුදලක් ශ්‍රී ලංකාවට ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුව එකඟතාවය පළකර තිබේ.

ආසියානු සංවර්ධන බැංකුව විසින් ලංකා විදුලිබල මණ්ඩලය වෙත පසුගිය නොවැම්බර් මාසයේදී අනුමත කළ මෙම ණය මුදල සඳහා වන ගිවිසුමට අත්සන් කිරීම ඊයේ (19) සිදුවිය.

එම ණය මුදල ශ්‍රී ලංකා රජය හරහා ලංකා විදුලිබල මණ්ඩලය වෙත ලබා ගැනීම සම්බන්ධයෙන් වූ මූලික සාකච්ඡා පසුගිය ඔක්තෝබර් මාසයේදී සිදු කළ අතර එම ව්‍යාපෘති හරහා රටේ විදුලි පද්ධතියේ ස්ථායීතාව වැඩිදියුණු කිරීම සඳහා අත්‍යවශ්‍ය ව්‍යාපෘති ගණනාවක් සිදුකිරීමට ද සැලසුම්කර තිබෙන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

ඉදිරියේදී ශ්‍රී ලංකාවේ ඉදිකිරීමට නියමිත විශාල ප්‍රමාණයේ පුනර්ජනනීය ව්‍යාපෘති පද්ධතිය වෙත එක්කර ගැනීම සඳහා අත්‍යවශ්‍ය සම්ප්‍රේෂණ රැහැන් මාර්ග ව්‍යාපෘති ගණනාවක් ද මෙම ණය මුදල හරහා ඉදිකිරීමට නියමිතව තිබේ.

මෙම ණය මුදල ව්‍යාපෘති කිහිපයක් වෙනුවෙන් යොදා ගැනීමට නියමිතව තිබෙන අතර නව ග්‍රිඩ් උපපොළවල් 06ක් ඉදිකිරීම, කිලෝමීටර් 87ක් දිග ද.වො 132 සම්ප්‍රේෂණ රැහැන් මාර්ග ඉදිකිරීම, කිලෝමීටර් 45 ක් දිග ද. වො 220 සම්ප්‍රේෂණ රැහැන් මාර්ග ඉදිකිරීම සහ දැනට පවතින ග්‍රිඩ් උපපොළවල් දෙකක ධාරිතාව වැඩිකිරීම ඒ අතර වෙයි.

ලංකා විදුලිබල මණ්ඩලය හා එහි අනුබද්ධිත ලංකා විදුලි (පුද්ගලික) සමාගම, මිලියන 7.5ක් වූ පාරිභෝගික සංඛ්‍යාවකට විදුලිය බෙදාහරින අතර බෙදාහැරීම් පද්ධතිය හා විදුලි බලාගාර සම්බන්ධ කරන ලංකා විදුලිබල මණ්ඩලයේ සම්ප්‍රේෂණ ජාලය කිලෝමීටර් 3,400ක් වූ සම්ප්‍රේෂණ රැහැන් මාර්ග හා ග්‍රිඩ් උපපොළ 90කින් සමන්විත වන බව ද ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT