Monday, April 21, 2025
Home » දිළිඳුකම පිටුදැකීමේ වැඩසටහන ඉක්මනින් ක්‍රියාවට නැංවිය යුතුයි

දිළිඳුකම පිටුදැකීමේ වැඩසටහන ඉක්මනින් ක්‍රියාවට නැංවිය යුතුයි

කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියෝ කියති

by mahesh
December 20, 2024 1:00 am 0 comment

නෙරංජලා වික්‍රමසිංහ

වත්මන් ආණ්ඩුව දිළඳුකම පිටුදැකීමේ ක්‍රියාවලිය හැකි ඉක්මනින් ක්‍රියාත්මක කළ යුතු බව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පැවසූහ.

ශ්‍රී ලංකා අක්ෂි දාන සංගමය ජාතික අක්ෂි දාන දිනය නිමිත්තෙන් සංවිධානය කළ වැඩසටහනකට පසුගියදා (18) එක්වෙමින් කාදිනල් හිමිපාණන් මෙම අදහස් පළ කරනු ලැබූහ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ මෙසේද පැවසූහ.

පසුගිය අවුරුදු පනහක හැටක අප ගමන් කළ දේශපාලනික, සාමාජයීය ගමන් මාර්ගය වැරදි පැත්තකට ගියාද කියලා හුඟක් වෙලාවට අපිට හිතෙනවා. ඒ නිසාම ආත්මාර්ථකාමී ක්‍රමවේදයන් තුළ අපේ රට පුරා දිළිඳුකම ව්‍යාප්ත වෙලා බොහෝ ජීවිත වේදනාවෙන් පිරිච්ච ජීවිත බවට පත්වෙලා තිබෙනවා. අපි අලුත් රජයක් පත් කර ගත්තා. විශේෂයෙන්ම දිළිඳු ජනතාව තමයි ඔවුන්ව මේ තැනට ගෙනාවේ. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා අද පවතින නිදහස් වෙළෙඳ ආර්ථික ප්‍රතිපත්තිය තුළින් පීඩාවට පත් වූ ජනතාව වෙනුවෙන් යම් ආකාරයට ආරක්ෂාවක් සලසන්නට මේ රජය කටයුතු කරාවි කියලා.

නව රජයේ ඇමැතිවරුන් තවම හඳුනගෙන නැහැ. අලුත් කට්ටියක් ඉන්නවා. ඒක හොඳයි. පරණ කට්ටියත් එක්ක අපිට ඇති වෙලා හිටියේ. ස්ථිර අධිෂ්ඨානයකින් යුතුව මේ ක්‍රමය වෙනස් කරන්න කටයුතු කරාවි කියලා අපි වත්මන් ජනාධිපතිතුමාගෙන් බලාපොරොත්තු වෙනවා. ඔබේ ගමන් මගට බාධා කරන්න එක එක බලවේග උත්සාහ කරාවි. ඔවුන් නොවේ ඔබ සමඟ සිටියේ. ජනතාවයි ඔබ සමඟ සිටියේ. එය මතක තබා ගෙන මේ රටේ දිළිඳුකම පිටුදැකීමේ ක්‍රියාවලියට යන්න කියලා අපි ඉල්ලනවා.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT