ගොතටුව පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිවරියට ජංගම දුරකතනය හරහා අසභ්‍ය වචන ප්‍රකාශ කරමින් ලිංගික අතවර කළ බව කියන එම පොලිසියේම කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගත් බව ගොතටුව පොලීසිය පවසයි.
ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිවරිය වන සැරයන්වරිය ඉකුත් 25 වැනිදා රාජකාරී නිමකර නිෙවසට ගොස් සිටියදී ඇයගේ ජංගම දුරකතනයට නාඳුනන පිරිමි පුද්ගලයකු දුරකතන ඇමතුමක් ලබාගෙන අසභ්‍ය වචන ප්‍රකාශ කරමින් ලිංගික අතවර සිදු කළ බවට ගොතටුව පොලීසිය වෙත පැමිණිල්ලක් සිදු කර තිබූ බව පොලීසිය පවසයි. ඒ අනුව දුරකතන විශ්ලේෂණ වාර්තා ලබාගෙන සිදු කරන ලද විමර්ශනයේදී එම දුරකතන ඇමතුම ලබා ගන්නා සිම්පතේ හිමිකරු ගොතටුව පොලිස් ස්ථානයට අනුයුක්ත කොස්තාපල්වරයකු බවට අනාවරණය වී යැයි පොලීසිය සඳහන් කරයි.
ඒ අනුව සැකකරු අත්අඩංගුවට ගෙන තවදුරටත් සිදු කරන ලද විමර්ශනවලදී මෙම සැකකාර කොස්තාපල්වරයා විසින් දිවයිනේ විවිධ ප්‍රදේශවල කාන්තාවන්ට දුරකතනයෙන් ලිංගික අතවර සිදුකර ඇති බවට අනාවරණය වී යැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇපයක් මත මුදා හැර ඇත.
ගොතටුව පොලීසිය පරීක්ෂණ පවත්වයි.