Home » උපයන විට ගෙවීමේ බදු අඩු කර රැඳවුම් බදු වැඩි කිරීම අටුව කඩා පුටුව හැදීමක්

උපයන විට ගෙවීමේ බදු අඩු කර රැඳවුම් බදු වැඩි කිරීම අටුව කඩා පුටුව හැදීමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න

by mahesh
December 20, 2024 1:00 am 0 comment

රන්මලී සෝමසිරි

බදු සංශෝධනයෙන් පුද්ගලයන් 121,000කගේ බදු අඩු කර ඉතිරිකිරීමේ ගිණුම් ලක්ෂ 161ක් රැඳවුම් බදු වැඩි කිරීම අටුව කඩා පුටුව හැදීමක් යැයි මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියාය.

එම නිවේදනයේ වැඩිදුරටත් මෙලෙස ද සඳහන් වේ.

“ආණ්ඩුව විසින් ප්‍රකාශයට පත් කර ඇති බදු සංශෝධනයෙන් උපයන විට ගෙවීමේ බද්ද (PayE tax) ගෙවූ 121,000කට සහන දී, ස්ථීර සහ ඉතිරිකිරීමේ ගිණුම් ලක්ෂ 161කට බලපාන පරිදි රැඳවුම් බද්ද 5% කින් ඉහළ දමා ඇස්බැන්දුමකින් රටම රවටා තිබෙනවා.

මැතිවරණ සමයේදී රට රවටමින් උපයන විට ගෙවීමේ බදු සීමාව රුපියල් ලක්ෂ දෙකක් කරන බව පැවැසූ අනුර කුමාර දිසානායක මහතා එය රුපියල් 150,000ක් කරන බව නිවේදනය කිරීමත් සමඟ එම බද්ද ගෙවූ පුද්ගලයන් 121,000කට එමඟින් වාසියක් සැලසෙනවා.

ඒ සමඟම දැනට 5%ක් වන රැඳවුම් බද්ද 10% දක්වා වැඩි කර තිබෙනවා. මෙරට ඉතිරිකිරීමේ ගිණුම් ලක්ෂ 161ක් පවතිනවා. එයින් ගිණුම් ලක්ෂ 50ක් මාසික ක්‍රියාකාරී මට්ටමේ පවතිනවා. මේ සියලුම ගිණුම් සඳහා ලැබෙන පොලිය 5%ක බදු වැඩිවීමට යටත් කොට තිබෙනවා. වත්මන් අර්බුදය හමුවේ මෙරට ආර්ථිකය දිගින් දිගටම හැකිළෙමින් තිබෙනවා. සමාජයේ පහළ මැද පන්තිය සිය දෛනික අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකිව ලත වෙනවා. එසේ තිබිය දී රටේ පහළම ආදායම ලබන පිරිසක් ද ඇතුළත් වන ලක්ෂ 161ක් වන සියලුම ඉතිරි කිරීමේ ගිණුම් හිමියන්ට අතිරේක බදු බරක් පැණවීම කිසි ලෙසකින් හෝ අනුමත කළ නොහැකියි. මාසිකව හෝ අර්ධ වාර්ෂිකව තැන්පත් පොලිය ආහාර, බෙහෙත් ඇතුළු දෛනික අවශ්‍යතා සඳහා ගන්නා ලක්ෂ 50 කට ආසන්න පිරිසකට රැඳවුම් බදු බර පැටවීම සාහසික ක්‍රියාවක්.”

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT