කළුතර සංචාරක හෝටලයක වෙඩි තැබීමක් සිදුව ඇත.
කළුතර දකුණ පොලීසිය පැවසුවේ එම හෝටලයේ ආරක්ෂක නිලධාරීන් සහ පිටස්තර තරුණයින් පිරිසක් අතර ඇති වීමට ගිය ගැටුමක් පාලනය කිරීම සඳහා හෝටලයේ සිටි නිලධාරියෙකු අසහට වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇති බවය.
සංචාරක හෝටලය ඉදිරිපිට මුහුදු වෙරළේ තරුණයින් පිරිසක් මත්පැන් පානය කරමින් සිට ඇති අතර, හෝටලයේ ආරක්ෂක නිලධාරීන් සමග ඔවුන් ගැටුමක් ඇතිකර ගැනීමට උත්සාහ කර තිබෙන බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය සදහන් කරයි.
එහිදී එක් ආරක්ෂක නිලධාරියෙකුට පහරදීමක් සිදුව ඇති අතර, එය පාලනය කිරීම සඳහා ස්ථානයේ රැඳී සිටි හෝටලයේ ඉහල කළමනාකාරීත්වයේ නිලධාරියෙකු සිය ලියාපදිංචි අවසර ලත් ගිනි අවියෙන් අහසට වෙඩි තබා ඇති බවට සිදුකළ මූලික පරීක්ෂණවලදී හෙළිව ඇති බවද පොලිසිය පැවසීය.
වෙඩි ප්‍රහාරයෙන් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති අතර තරුණ පිරිස පළා ගොස් ඇති අතර සිද්ධිය සම්බන්ධව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.