Home » ගාල්ලේ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා මරුට

ගාල්ලේ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා මරුට

by chanaka
December 20, 2024 8:11 pm 0 comment

Shooting in Baduraliya

ගාල්ල දඩල්ල ප්‍රදේශයේදී වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ජීවිතක්ෂයට පත්වූ බව පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ මැලෑගොඩ වංචාවල පටබැදිගේ පැතුම් නොහොත් ලොක්කා නම් 38 හැවිරිදි පුද්ගලයෙකි.

ඔහු සමග ගමන්ගත් ඔහුගේ බිරිද තුවාල ලබා රෝහල්ගත කර ඇත.

මියගිය අය බිරිඳ සමග ගාල්ල දෙස සිට කොළඹ දෙසට ගමන් කරමින් සිටියදී මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

 

ගාල්ලේ වෙඩි තැබිමක්

ගාල්ල දඩල්ල ප්‍රදේශයේදී සිදුකළ වෙඩි තැබීමකින් එක් පුද්ගලයෙක් තුවාල ලබා තිබේ.

මෙම වෙඩි තැබීමෙන් තුවාල ලැබු පුද්ගලයා කරාපිටිය රෝහලට ඇතුළත් කළ බව පොලිසිය පැවසීය.

එම පුද්ගලයා යතුරුපැදියකින් ගමන් කරමින් සිටින විට වෙනත් යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙක් විසින් එම වෙඩිතැබීම සිදුකර තිබුණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT