Home » වෙලේ සුදා, ඔහුගේ බිරිඳ හා නැගණියට එරෙහි නඩුවේ තීන්දුවට වුන දෙයි

වෙලේ සුදා, ඔහුගේ බිරිඳ හා නැගණියට එරෙහි නඩුවේ තීන්දුවට වුන දෙයි

by chanaka
December 20, 2024 8:01 pm 0 comment

ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන ගම්පොළ විදානලාගේ සමන්ත කුමාර හෙවත් වෙලේසුදා ඇතුළු තුන් දෙනෙකුට එරෙහි නඩුවේ තීන්දුව ජනවාරි මස 15 වනදා ප්‍රකාශයට පත් කරන බවට කොළඹ මහාධිකරණය නිවේදනය කළේය.

ඒ තීන්දුව අද (20) ප්‍රකාශයට පත් කිරීම සඳහා සූදානම් කර නොමැති වීම හේතුවෙනි.

හෙරොයින් මත්කුඩු ජාවාරමෙන් උපයා ගත් රුපියල් කෝටි 17කට අධික වත්කම් දේපළ අත්පත් කරගැනීමේ චෝදනාවට වෙලේසුදා මේ වන විට මරණීය දණ්ඩනය නියම වී සිටියි.

රුපියල් කෝටි 17 කට අධික මුදලක් වැය කර රාජගිරිය, දෙහිවල හා මාදිවල ප්‍රදේශවල වත්කම් අත්පත් කර ගැනීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා කොට වෙලේසුදා, ඔහුගේ බිරිඳ ගයනී ප්‍රියදර්ශනී හෙවත් සුජී හා ඇයගේ සොහොයුරිය හෙවත් නදී නමැත්තියට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව ගොනු කර තිබේ.

2010 ජනවාරි 01 වැනි දින හා 2012 පෙබරවාරි 25 කාලය අතරතුර මත්ද්‍රව්‍ය ජාවාරම්වලින් උපයාගත් මුදලින් සුඛෝපභෝගී වාහන, වටිනා භාණ්ඩ, නිවාස ආදිය අධිකරණ නියෝග මත රජයේ භාරයට ගෙන ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT